(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කොළඹදී අද(13) පැවැසීය.
ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයාමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළ යුතු බවත් පැවසූ තේනුවර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙන් ජනතාවට සුදු වෑන් එකෙන් අවසන් ගමන් යාමට සිදුවනු ඇති බවත් සඳහන් කළේය.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීය.
“පසුගිය 9 වනදා නව නගර ශාලාවේදී මම කළ ප‍්‍රකාශයකට වැරදි අර්ථකතන ලබා දෙමින් විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා. රණවිරුවන්ට මා කෙරෙහි වෛරයක් ඇති වන ලෙසට එය ප‍්‍රචාරය කර තිබුණා. මේ තරම් මාධ්‍ය නිදහසක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන රටක මාධ්‍ය තමන්ගේ වගකීම වැරදි ලෙස පාවිච්චි කිරීම ගැන මම කනගාටු වෙනවා.
මාධ්‍යවේදීන් මේ කටයුත්ත කළ බව මම විශ්වාස කරන්නේ නැහැ. යම් කිසි දේශපාලන උවමනාවක් මත මගේ කතාව විකෘති කර ඇති බව මගේ හැඟීමයි. මගේ කතාව විකෘති නොකර නිවැරදි හඬපඨය ප‍්‍රචාරය කරන ලෙට එම මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටිනවා.
රණවිරුගාය කියන වචනය උපයෝගී කරගනිමින් මෙලෙස මගේ හඬපට නිකුත් කලා. මම මේ ප‍්‍රකාශය කළේ රණවිරුවන් ඉලක්ක කරමින් නොවෙයි. රණවිරුවන් පාවිච්චි කළ, දඩයම් කළ අය අද රණවිරුගායකින් පෙළෙන බවයි මම ප‍්‍රකාශ කළේ. දේශපාලන වාසි ලබා ගැනීමට ඊනියා රණවිරු පේ‍්‍රමයක් දක්වන අයට තමයි මේ රණවිරුගාය වැළඳිලා තියෙන්නේ.
සැබෑ රණවිරුවන්ට අපේ ප‍්‍රණාමය තියෙනවා. ඒ නිසා තමයි අපි ඔවුන්ව කාණු සුද්ධ කරන්න දැම්මේ නැත්තේ, මන්දිර වල වැඩට යෙදෙව්වේ නැත්තේ. මේ රජය යටතේ සැබෑ රණවිරුවන්ට නියම ගෞරවය ලබා දීලා තියෙනවා. අද ඔවුන් ආත්ම අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා.
ජනතාවට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා. මේ අපේක්ෂකයන් දිහා බලපුවහම ජීවිතයද මරනයද කියන තීරණය ගන්න අද ජනතාවට සිදුවෙලා තියෙනවා. ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයන්නනම් සජිත් පේ‍්‍රමදාස මහතාත් සමග තමයි යන්න වෙන්නේ. මරණය නම් සුදු වෑන් එකේ යන්න පුලුවන් කම තියෙනවා.
රාජපක්ෂ යුගයේදී දඩයම් කළේ මාධ්‍යයි. ලසන්තට වෙච්ච දේ, ප‍්‍රගීත් එක්නැලිගොඩට වෙච්ච දේ නැවත වෙන්න ඉඩ තියන්න බැහැ. මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට නැවත ඇමරිකාවට ගොස් විවේක සුවය ගත කරන්න අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)
රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්
වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ
කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’