(අංජුල මහික වීරරත්න)
අයි.එස්. ත්‍රස්තවාදය නිසා වැඩිපුරම පීඩා විඳින්නේ මුස්ලිම් ප්‍රජාව යැයිද බොහෝදෙනෙකු ඒ කාරණය තේරුම්ගෙන නැතැයිද මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවැසීය.
කතෝලික ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ දුක බෙදාහදාගෙන ඉදිරියට යන්නට මුස්ලිම් ප්‍රජාව සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෑම ජාතියකම අන්තවාදීන් සිටින නමුත් එය ඉතා සුළුතරයක් පමණක් බව කී අමාත්‍ය කබීර් හෂීම් මහතා සුළුතර මතය ගෙන බහුතර මතය මනින්නට එපා යැයි ඉල්ලා සිටින බවද කීය.
කොළඹ පදනම් ආයතනයේ පැවැති මෙම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍ය ඉම්ටියාස් බාකීර් මකාර්, ෆේරියල් අෂ්රොෆ් යන මහත්ම මහත්මීහු ද ජනාධිපති නීතිඥ අලි සබ්රි මවුලානා මහතාද සහභාගී වූහ.
(ඡායාරූප - ගයාන් ලසන්ත)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘අයිඑස් ත්‍රස්තයන්ගෙන් වැඩිපුර පීඩා විඳින්නේ මුස්ලිම් ජනතාවයි’