IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කැරලි ඇති කිරීමෙන් අයිඑස්ලාගේ අරමුණ ඉටුවන බව සජිත් කියයි

(මනෝජ් හර්ෂික)
 
මේ මොහොතේ රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී කැරලි කෝලහල ඇති කිරීමෙන් සිදුවන්නේ රට විනාශ කිරීමට අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කර ගැනීමට උපකාර වීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (13) පැවැසීය.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටවල් කිහිපයක් තුළ ශරියා නීතිය සහිත තම කලාපයක් නිර්මාණය කර ‘ඉස්ලාම් රාජ්‍යයක්’ බිහි කිරීම බවද අමාත්‍යවරයා  සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 7,000ක් වැය කරමින් ඉදි කෙරෙන හම්බන්තොට,තිස්සමහාරාම, වීරවිල, තරුණ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (13) දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
 
ත්‍රස්තවාදීන් තම අරමුණ කරා යන්නේ සියදිවි නසා ගැනීමෙන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නොව රට තුළ ජාති - ආගම් භේද, කැරලි - කෝලාහල ඇති කර රට ගිනි තැබීමෙන් ද ඔවුන් සිය අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. 

පසුගිය දිනවලදී ලෝකයේ රටවල් කිහිපයකම ඉස්ලාම් පල්ලි වලට බෝම්බ ප්‍රහාර එල්ල කර ජාතීන් අතර කැරලි - කෝලහාල ඇති කිරීමට අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් කටයුතු කළ බවත්, ඒ හරහා ඔවුන් සුදානම් වන්නේ ‘ශරියා නීතිය’ සහිත කලාපයක් සහ ‘ඉස්ලාම් රාජ්‍යයක්’ බිහි කර ගැනීමට උත්සාහ කිරීම බව අමාත්‍යවරයා කීය. 

බොරු ප්‍රචාරවලට හසුවී කැරලි - කෝලහල ඇතිකර අයි.එස්.අයි.එස් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කිරීමට රටේ ජනතාව සහාය ලබා දෙනවාද කියා තීන්දු කළ යුතු බවත් මෙරට ත්‍රස්තවාදය සහ මුලින්ම උපුටා දැමීමට නම් ජාතී, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

කැරලි ඇති කිරීමෙන් අයිඑස්ලාගේ අරමුණ ඉටුවන බව සජිත් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site