IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දයට ලියාපදිංචි වෙන්න

(විනීතා එම් ගමගේ)
 
2019  වර්ෂය සඳහා සුදුසුකම් ලත් තැනැත්තන් ඡන්ද හිමියන් ලෙස ගණන් ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් මේ දින වල සිදු කරමින් පවතින බැවින් ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුලත් කර ගැනීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
 
 ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක්  බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතාව සතු පරමාධිපත්‍ය බලය සැබෑ ලෙසම ක‍්‍රියාත්මක කළ හැක්කේ ඡුන්ද බලය හරහා වන බැවින් ඡුන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත්ව තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් එම සංවිධානය පවසයි. 
 
 ඔබ බදු හෝ කුලී පදනම මත පදිංචිව සිටියත් අනවසර හෝ රජයේ ඉඩමක පදිංචිව සිටියත් 2019 ජුනි මස 01 වන දා වන විට සාමාන්‍ය පදිංචිය අදාළ ස්ථානයේ නම් ආකෘති පත‍්‍රයක් ඉල්ලා සිටීමට අයිතියක් ඇතැයි ද ඡන්ද හිමයෙකු වීමට මූලික සුදුසුකම් සපුරා  ඇති සාමාන්‍ය පදිංචියක් සහිත සෑම නිවසකටම ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත‍්‍ර ග‍්‍රාම නිලධාරීන් හෝ ගණන් ගන්නා නිලධාරීන් විසින් මේ දිනවල බෙදමින් පවතින බව ද එම සංවිධානය කියයි.
 
 ජුනි මස මැද භාගය වන විටත් නිවසට ඡුන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත‍්‍ර ලැබී නොමැති නම් තම කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරීවරයාගෙන් හෝ අදාළ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසීමට කටයුතු කරන්නැයි ද පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරයි.
 
 නිවසට ලැබෙන ඡුන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත‍්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරීම ඡන්දදායකයින්ගේ වගකීම වන අතර ඉන් ඡුන්ද අයිතිය සුරක්ෂිත වනවා සේම ඡන්දදායකයා අපහසුතාවයට පත් වීම වළකාලන බවත් ගෘහයෙන් ගෘහයට ඡුන්ද හිමියන්  ගණන් ගැනීමේ ආකෘති පත‍්‍ර බෙදීම සහ ආපසු භාරගැනීම ග‍්‍රාම නිලධාරීවරයාගේ වගකීම වන නමුදු සඳහන් කරන ලද දිනට ආකෘති පත‍්‍ර භාර ගැනීම සඳහා ග‍්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් එම ආකෘති පත‍්‍රය ග‍්‍රාම නිලධාරීවරයා වෙත භාරදී අදාළ ලදුපත ලබා ගැනීම පුරවැසියන්ගේ ද වගකීම බව අවධාරණ්‍ය කර සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
 
 ඉදිරි කාලසීමාව තුළ මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත බැවින් තීන්දු තිරණ ගන්නා ආයතනවලට වඩාත් සුදුසු මහජන නියෝජිතයින් පත්කර  ගැනීමට නම් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවත්
 
මේ පිළිබඳව පවුලේ සාමාජිකයන්, අසල්වාසීන්,වෘත්තීය සගයන් දැනුවත් කරන ලෙසත් මේ පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් පැෆ්රල් ප‍්‍රධාන කාර්යාලයෙන් මේ සදහා උදව් කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට ඇති පහසුකාරක මධ්‍යස්ථානය 011-2514441/2 අමතන ලෙසත් නොඑසේ නම් 011-2514443 අංකයට ෆැක්ස් පණිවිඩයක් එවන ලෙසත් හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියේය.



අදහස් (0)

ඡන්දයට ලියාපදිංචි වෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site