IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මුස්ලිම් අන්තවාදීන්ට ආයුධ ලැබුණු ආකාරය සෙවිය යුතුයි

(ඩයනා උදයංගනී)

රට තුළ ක‍්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් වෙත ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ගේ සහය හිමිවන්නේද යන්න ගැන සැකයක් තිබෙන බවත් ඔවුන්ට මෙතරම් අවි ආයුධ ලැබුණේ කෙසේද යන්න ගැන ද පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

තව්හීද් ජමාත් සංවිධානයට අයත් පල්ලි මගින් අන්තවාදය උගන්වන බව කී මහලේකම්වරයා ඒවා සියල්ල තහනම් කළ යුතු බව ද සඳහන් කළේය.

ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ සාකච්ඡා කර ඒ ඒ ප‍්‍රදේශවල පවතින මුස්ලිම් මහපල්ලි හා අවශ්‍ය සෙසු පල්ලි පවත්වාගෙන යා යුතු බවද මන්ත‍්‍රීවරයා කීවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අන්තවාදී සංවිධාන විසින් සියල්ල කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර මත බව කී ජයසේකර මහතා ඔවුන් මුස්ලිම් ජනතාවට උදව් කරන බව කියමින් සෞදි අරාබියෙන් හා කටාර් රාජ්‍යයෙන් මුදල් ලබාගන්නා බව ද කීවේය.

මෙවැනි දේ කරන සංවිධානවලට මුදල් ලබානොදෙන ලෙස සෞදි අරාබියෙන් හා කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටින බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

මුස්ලිම් අන්තවාදීන්ට ආයුධ ලැබුණු ආකාරය සෙවිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site