(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක‍්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම මගින් රට ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමරවීර මහතා සඳහන් කළේය.
කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මහින්ද අමරවීර මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා වන www.mahindaamarawera.lk යන වෙබ් අඩවිය විවෘත කිරිමද එහිදී සිදුකෙරිණ.
‘‘ඉසුරින් පිරි හෙටක් සතුටින් පිරි රටක්’’ තේමාවෙන් මෙම වැඩපිලිවෙළ ක‍්‍රියාත්මක වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා මෙසේද කීය.
‘‘අපි මේ වැඩසටහන ‘‘වෙනසකට’’ තේමාවෙන් කරගෙන යනවා. මේක දේශපාලන වෙනසක් වෙන්න පුලූවන. නමුත් පක්ෂ වෙනසක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයට හෝ තවත් පක්ෂයට යාමේ අදහසින් නෙමෙයි අපි මේ වචනය පාවිච්චි කරන්නේ.
අපි කරගෙන ගිය වැඩපිළිවෙල විරුද්ධ පක්ෂයට ඇවිත් විවේචනය කරමින් සිටිනවනම්, අතපසු වෙලා කඩා වැටෙනකම් ඉන්නවනම්, ඇමැතිවරයා ඇන ගන්කම් ඉන්නවම් ඒකෙන් රටට සෙතක් වෙන්නේ නැහැ. එහෙම නැතුව රට වෙනුවෙන් කටයුතු කරනවද කියලා අපි කල්පනා කළ යුතුයි.
අපිට වැඩකරන්න තනතුරු, ඇමැතිකම් අත්‍යවශ්‍යම නැහැ. ඒවා නැති වුනත් අපි රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘එජාපය සමඟ ජාතික ආණ්ඩු සැලැස්මේ සත්‍යතාවයක් නෑ’