IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


උත්සව සමයේ අධිවේගී මාර්ගවල තදබලය නැවැත්වීමට නව වැඩපිළිවෙළක්

(ජයන්ත සමරකෝන්)

එළඹෙන උත්සව සමයේ අධිවේගී මාර්ගවල තදබදය අවම කිරීමේ නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
 
උත්සව සමය තුළ අධිවේගී මාර්ගවල වාහන 120,000ක් පමණ ධාවනය වනු ඇති බවත් ඒ අනුව ඇතිවිය හැකි තදබදය සඳහා ගෙවීම් කවුන්ටර් වැඩිදියුණු කර පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩිකර ඇති බව් එහි නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
 
අවුරුදු නැකැත් වේලාව අවසන් වූ විගසම සෑම වසරකදීම වාහන සිය ගණනක් අධිවේගීමාර්ගවලට පිවිසීම සාමාන්‍ය  සිද්ධියක් බවට පත්වී ඇතැයිද එබැවින් ඇතිවන හදිසි තදබලය වැළැක්වීමට නැකැත් පසුවූ විගස ම නොපැමිණෙන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
 
මුදල් ගෙවීමේ කවුන්ටර කාර්යක්ෂම කිරීමෙන් වෙනදා පැයකට පිටත් වූ වාහන 250 වෙනුවට ඉදිරියේදී පැයකට වාහන 400ක් පිටත්කිරීමට හැකිවී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (2)

උත්සව සමයේ අධිවේගී මාර්ගවල තදබලය නැවැත්වීමට නව වැඩපිළිවෙළක්

rasi Sunday, 31 March 2019 10:53 AM

නැකත පහු වුණු ගමන්ම එන්නේ නැතුව නැකතට පැයකට පස්සේ ඔක්කෝටම එන්න කිව්වා නම් හරිනේ...

:       0       0

ajith Sunday, 31 March 2019 11:13 AM

තදබද වගේම රිය අනතුරු අඩු කරන්නත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. දෝෂ සහිත, ටයර් ගෙවුනු වාහන ඇතුල් කරන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ඉස්සර නොකරන වෙලාවට වම්තීරුවේ විතරක් වාහන ධාවනය කරන්න රියදුරන් දැනුවත් කරන්න... ධාවන තීරුදෙකේම නැතුව. පොඩි ළමයි ඉස්සරහ සීට් එකේ තියාගෙන යන්න දෙන්න එපා... මේ ටික ක්‍රියාත්මක කෙරුවොත් මේ අවුරුද්දේ රිය අනතුරු නිසා වෙන මරණ ගණන අඩු කරගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site