IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ඉඩී අමීන්ගේ පාලනයට සමාන කිරීමේ උත්සහයක රජය නිරතවෙනවා’

(නිමල කොඩිතුවක්කු)
 
ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ රට ඉඩී අමීන්ගේ පාලනයකට සමාන තත්වයකට පත්කිරීමේ උත්සාහයක වත්මන් රජය නිරත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද (28) පැවසීය.

රටේ පවතින  සියලුම මානව හිමිකම්, සියලුම  වෘත්තීය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා  මෙම පනත මගින් රජය සැළසුම්සහගතව උත්සාහ කරන බවද දිසානායක මහතා කියා සිටියේය.

පුංචි බොරැල්ලේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.

‘‘ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා උත්සාහ කරන්නේ ශිෂ්‍යයන්, වෘත්තීය සමිති  පාරට බැස්සොත්, රාජ්‍ය දේපළවලට හානි කළොත් එම පිරිසට සිර දඬුවම් ලබා දෙන්නයි. ඉඩී අමීන්ගේ වගේ පාලන සමයන් වලදී තමයි මේ වගේ නීති පනවා තිබුණේ.

මේ පනතින් මාධ්‍යයට පවා තහංචි පැනවෙනවා. මේ තත්වය යටතේ තොරතුරු  දැනගැනීමේ නිදහස,  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන මානසික  නිදහස ආදිය සියල්ලක්ම මේ පනතින් අහවර වෙනවා. 

ඒ අනුව මේ රටේ තියෙන සියලු මානව හිමිකම්, සියලු  වෘත්තිය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා  සැළසුම් සහගතව අග‍්‍රාමාත්‍යවරයා මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා.

මානව හිමිකම් කොමිසමට අපිට විරුද්ධ යෝජනාව ගෙනාවේ ඇමරිකාවයි. පහුගිය දිනවල ඇමරිකාව මේ මානව හිමිකම්  කොමිසම අසූචි ගොඩක් කියලා ඒකෙන් ඉවත් වුණා."



අදහස් (0)

‘ඉඩී අමීන්ගේ පාලනයට සමාන කිරීමේ උත්සහයක රජය නිරතවෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site