IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


‘රට-ජනතාව බලාපොරොත්තු වු නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ‘

 (නිමල කොඩිතුවක්කු)

 
සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වල මැදිහත්වීමෙන් රටේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කළත් රට සහ ජනතාව බලාපොරොත්තුවූ  නායකත්වය එතුමන්ගෙන් නොලැබුණ බව පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.
 
දේශපාලනය සහ පක්ෂ ගැන නොසිතා  රට පිළිබ`දව සිතා එතුමන් කටයුතු කළේ නම් අද  එතුමන්ට කිසිවකුටත් දොස් කීමට හෝ ඇඟිල්ල දික් කිරීමට  සිදු නොවනු ඇති බවද බවද මන්ත‍්‍රීවරයා සඳහන්  කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය.
 
   ‘‘මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2015 වසරේදි ජනාධිපතිවරයා ලෙසට අපි පත්කළේ රටටත් ජනතාවටත් නායකයකු අවශ්‍ය නිසයි. එදා රාජපක්ෂ ආණ්ඩුවේ තිබිච්ච වැරදි නැවැරදි කරන්න අපිට අවශ්‍ය වුනා.  ඒ නිසයි අපි පක්ෂයක් විදියට එතුමන්ට සහයෝගය පළ කළා.
 
රටත් ජනතාවත් ඉදිරියට ගෙනියනවා වෙනුවට එතුමා සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය ඉදිරියට ගෙනයාමයි. ඒ අඩුපාඩුව අද රටටම දැනිලා තියෙනවා.
 
අපේ රජය යටතේ අද ආර්ථිකය ස්ථාවර වෙමින් යනවා. රුපියල සථාවර වෙලා තියෙනවා.  රුපියලේ අගය අඩුවෙද්දි ඇතැම් මාධ්‍ය බ්රේකින් නිව්ස් ගැහුවා. අද රුපියල ශක්තිමත් වෙද්දි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අඩු ගානේ බන්ධුල ගුණවර්ධන මහතාවත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.
 
පාතාලය ගැන මධුෂ් ගැන මාතෘකාව දැන් ජනප‍්‍රිය වෙලා.  පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශ මේ ගැන ක‍්‍රියා කිරිම පිලිබඳ  ඒ සියලූදෙනාටම අපේ ගෞරවය සහ ස්තූතිය ආණ්ඩුව විදියට  පුදකර සිටිනවා.
 
 
මේ වැටලිම්  අද ඊයේ  පටන් ගත්ත ඒවා නෙමෙයි. අද සමහරු මේවට ලකුණු දාගන්න හදනවා. සෙල්ලම් ගෙවල්වල ඉන්න පොඩි දරුවො වගේ මමයි  කරේ මමයි කරේ කියන එක නෙමෙයි කරන්න  ඕන. ඉදිරියටත් ඒ  සඳහා සියලූ දෙනා සහය දක්වන්න  ඕන.
 
 
අද රටේ  නරක දෙයක් වෙනකොට ඒක එක්සත් ජාතික පක්ෂයටත්  හොද දෙයක් වෙනතෙකාට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බැරකරගන්නවා. මේ දේ වෙන්න දෙන්න බැහැ’’ යැයිද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
 



අදහස් (0)

‘රට-ජනතාව බලාපොරොත්තු වු නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 297 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 425 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 517 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 180 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1101 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site