IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘සේනා’ මර්දනය වී නැති බව කියයි

(කාංචන කුමාර ආරියදාස)

 

සේනා  දළඹු ව්‍යාප්තිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගත් සමඟ නතර වී ඇතැයි උදම් අනන බවත් එහෙත් කිසිදු ආකාරයකින් සේනා දළඹුවා මර්දනය වී නොමැති බවත් මීට වඩා විශාල ගුණයකින්  දළඹු ප්‍රහාරයකට රටම ලක්විය හැකි බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය.

පරිසරවේදී තිලක් කන්දේගම මහතා මේ බව සඳහන් කළේ  නාවුල සොබාදහම් ගොවිපලේදී මාධ්‍යවේදීන් හමුවේය.

මෙම කාලවකවානුව දළඹුවන් සළඹුවන් සමනලයන් ආදී බොහෝ දෙනෙක් නිසලව ඊළඟ ප්‍රහාරයකට සූදානම් වන කාල වකවානුවක් බවත්   එසේ නොවන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මර්දනය කිරීමේ දක්ෂතාවය නොවන බව සඳහන් කළේය.

එමෙන්ම වෙනත් වෙනත් ප්‍රසිද්ධ මාතෘකා සමාජයේ කතා බහට ලක්වීමත් ආශීර්වාදයට ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා  මාතෘකාව මදකට අතහැර දැමීම බරපතල ප්‍රශ්නයක් බව හෙතෙම අවධාරණය කළේය.

වැඩිදුරටත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලක් කන්දේගම මහතා මෙසේද පැවසීය.

 " කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වරද්දගත්ත තැන තමයි කවදාවත් ඒ අයට තේරුම් ගන්න බැරි වුණ තැන තමයි කෘමීන්ට කාලයක් තියෙන විත්තිය. හොඳම උදාහරණය තමයි ගැමි වහරින් කියන සිරිපාදේ යන සමනල්ලු, එයාලා  මාස 12 එම සිරිපාදේ යන්නේ නෑ. ඒ වගේ හැම කෘමියටම කාලයක් තියෙනවා එම කාලය තමයි මැයි මාසයත් වෙසක් මාසය නොවැම්බර් මාසය මෙම පණු විශේෂය සැඟවිලා ඉදලා එක වැරම අධික වේගයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දළඹුවන්ගේ පසු ගැසිල්ල මීට වඩා විශාල වශයෙන් වර්ධනයකින්. මේ පසු බැසිල් ලත් සමඟ ගොවියනුත් හිතාගෙන ඉන්නවා මේක ඉවරයි කියල හැබැයි මේ අයත් එයාලටම රුචි බෝග වගා කරන්න පටන් ගනීවි."

 



අදහස් (0)

‘සේනා’ මර්දනය වී නැති බව කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site