IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විභාග රාජකාරී ගාස්තු නැතැයි ගුරු සංගමයෙන් චෝදනා

(නිමල කොඩිතුවක්කු)
 
ජාතික විභාග වලට අමතරව විභාග දෙපාර්තමේන්තුව 2018 වසර සඳහා පැවැත්වූ සෙසු විභාගවල රාජකාරි කටයුතුවල නිරතවූ  ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා නැතැයි ලංකා ගුරු සංගමය සදහන් කරයි.
 
 
ප‍්‍රයෝගික පරිකෂණ, ධර්මාචාර්ය විභාග, බැංකු- විභාග, විවිධ අමාත්‍යාංශවල විභාග ආදි විභාග රාජකාරි වල නිරත වූ ගුරුවරුන් සඳහා මෙලෙස ගාස්තු ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
 
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයේ  ඇතැම් විෂයන්ගේ උත්තර  පත‍්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු පවා මෙතෙක් ගෙවා අවසන් කර නැතැයිද ඔහු සඳහන් කළේය.
 
එවැනි තත්වයක් තුළ විභාග රාජකාරී හා උත්තර පත‍්‍ර ඇගයීම් ගාස්තු ගෙවීම ප‍්‍රමාද කිරීමෙන් ඉදිරියේදි විභාග දෙපාර්තමේන්තුව  විසින් පවත්නා ජාතික ඇගයීම් කි‍්‍රයාවලියට සැලකිය යුතු බලපෑම් ඇතිවිය හැකි බවද ස්ටාලින් මහතා පෙන්වා දෙයි.
 
ප‍්‍රමාද කර ඇති එම සියලූ දීමනා කඩිනමින් ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් අදාල ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජෝෂප් ස්ටාලින්මහතා සදහන් කරයි.
 
 
 
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ විභාග කොමසාරිස්වරයා ඇතුලූ සියලූ බලධාරීන් දැනුවත් කර ඇතැයිද ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

විභාග රාජකාරී ගාස්තු නැතැයි ගුරු සංගමයෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site