(ඩයනා උදයංගනී)
කසළ ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් දෙනවිට පාරට බැස විරෝධතා කරන බාල දේශපාලනය පැරදවිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
කූණු කඳු ගොඩගැසී මීතොටමුල්ලේ 33 දෙනෙක් මියයද්දී විරෝධතා නොකළ අය ගැටලුවට විද්‍යාත්මක විසඳුම දෙනවිට පාරට එන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අරුවක්කාලුවේ ඉදිකර ඇත්තේ අවුරුදු 80 ක් පමණ කාලයක් මුළු රටේම කසල ගෙන යා හැකි කසළ අංගනයක් බව කී ඇමතිවරයා එයට එරෙහිව ඇතිවන විරෝධතා ගැන තමන් කණගාටු වන බව ද සඳහන් කළේය.
උද්ඝෝෂණය නොකර පුත්තලමේ තැන තැන දමන කුණු අරුවක්කාලු සනීපාරක්‍ෂක කසළ අංගනයට මාස 03 ක කාලයක් භාර දී විවිධ පාර්ශවයන් පතුරුවන කට කතාවල සත්‍ය අසත්‍යතාවය බලන්නැයි තමන් එම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.
දැනට ශ්‍රී ලංකාවේ පවතින එකම විද්‍යාත්මක කසල රඳවනය වන දොම්පේ ඉදිකළ සනීපාරක්‍ෂක කසල රඳවනයට එරෙහිවද විරෝධතා, මාරාන්තික විරෝධතා, හර්තාල් ආදිය ක්‍රියාත්මක වූ බව කී ඇමතිවරයා විද්‍යාත්මක කසල රඳවනයක් යනු කෙතරම් සාර්ථක විසඳුමක්ද යන්න දොම්පේ කසල රඳවනයට ගොස් බලාගත හැකි බව ප්‍රකාශ කළේය.
නගර පිරිසිඳු කිරීමට බව කියමින් කුණු තැන් තැන්වල ගෙනගොස් දමා නගරයේ මල් පෝච්චි තැබීම විසඳුමක් නොවන බව කී ඇමතිවරයා ගැටලුව විසඳීමට යන සැමවිටම විරෝධතා කිරීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ද පැවසීය.
කොළඹ කුණු අපට එපා කියා උද්ඝෝෂණ කිරීම බාල දේශපාලනයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වර්තමානයේදී කොළඹ නගරයේ කසළ එකතු කිරීම විධිමත් කිරීමට තම අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද කී ඇමති පාඨලී චම්පික රණවක මහතා කසළ වෙන්කර බාරගැනීම හේතුවෙන් මේ වන විටත් බොහෝ ගැටලු විසඳී ඇති බව කීවේය.
මේ වන විට කොළඹ නගරයේ කසළවලින් සියයට 90ක්ම වෙන් කර ලැබෙන බව කී ඇමතිවරයා එම සෑම දිරායන කසළ බිඳක්ම කොම්පෝස්ට් බවට පත්කරන බවත්, දිරා නොයන කසළ ප්ලාස්ටික් පොලිතින් කඩදාසි ආදියෙන් බලශක්තිය නිපදවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කසළ ප්‍රශ්නයට විසඳුම් දෙද්දී උද්ඝෝෂණය කරන බාල දේශපාලනය පැරදවිය යුතුයි