IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පළාත් පාලන ආයතන ගැන පසුවිපරමක්

(බිඟුන් මේනක ගමගේ )
පළාත් පාලන ආයතනවල වසරක ප්‍රගතිය විමර්ශනය කර වාර්තාවක් සකස් කරන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ(සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 

පළාත් පාලන ආයතනවලට අයත් දිවයින පුරා පිහිටි මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල ආදායම් වර්ධනයක් වීද, ඒවා නිසියාකාරව පවත්වාගෙන යන්නේද, මහජන කමිටු පිහිටුවා තිබේද හා කාන්තා නියෝජනය වැඩිකිරීමේ අභිලාශ ඉටුවී තිබේද යන මූලික කාරණා සම්බන්ධයෙන් මෙහිදී සොයාබැලෙන්නේ යැයි ගජනායක මහතා අවධාරණය කළේය.
 
 පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා එම සභාවලට පත් වූ මන්ත්‍රීවරියන් සම්මුඛ සාකච්ඡාවලට ලක්කරමින් හා විවිධ දත්ත වාර්තා ඔස්සේ ඊට අදාළ විස්තර ඒකරාශි කෙරෙන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
 88 ක්ව පැවැති පළාත් පාලන ආයතනවල කාන්තා සභිකයන් ගණන පසුගිය මැතිවරණයෙන් පසුව 1919 දක්වා වැඩි වී සමස්ත සභිකයන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී යැයි කී ගජනායක මහතා මෙවැනි විශාල දේශපාලන පරිවර්තනයකින් පසුව අදාළ මහජන නියෝජන ආයතන පද්ධතිය සම්බන්ධයෙන් පසුවිපරමක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ද කීවේය.
 
ඒ අනුව මෙම වාර්තාව ලබන මස මුල වනවිට සකසා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද එහි මුල් පිටපත් මැතිවරණ කොමිසමට හා දේශපාලන පක්ෂ නායකයන්ට බාරදෙන්නේ යැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (0)

පළාත් පාලන ආයතන ගැන පසුවිපරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site