(ඩයනා උදයංගනී)
විදුලි අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය කැඳවු ටෙන්ඩරය අමාත්‍යාංශය මගින් ක‍්‍රියාත්මක නොකිරීම නිසා රට තුළ විදුලි අර්බුදයක් ඇතිවීමට හේතු වූ බව හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය කර ඇති ටෙන්ඩර් කැඳවීම අනුව විදුලි ඒකකයක් රුපියල් 28, 30 සහ 34 යන මිල ගණන් යටතේ මෙගාවොට් 100 ක් ලබාදීමට සමාගම් තුනක් ඉදිරිපත් වී සිටින බව කී මන්ත‍්‍රීවරයා එය මීට දින 38කට පෙර මිලදී ගත්තේ නම් දිනකට පැය 4ක් විදුලිය කැපීමට සිදු නොවන බවත්, රජයට අවශ්‍ය නම් අද වුවද එම ප‍්‍රමාණය මිලදීගෙන විදුලිය කැපීම නවතා දැමිය හැකි බවත් ස`දහන් කළේය.
ටෙන්ඩරයට ලැබුණු මිල ගණන් වැඩි බව කියා අමාත්‍යාංශය එය ක‍්‍රියාත්මක කිරීම නවතා ඇති බව දැනගන්නට ඇතැයි ද කී මන්ත‍්‍රීවරයා දිනකට පැය 4ක් විදුලිය අත්හිටුවීමෙන් සිදුවන පාඩුවට සාපේක්‍ෂව එම මිල ගණන් වැඩි නොවන බව ද ප‍්‍රකාශ කළේය.
රාත‍්‍රියේ විදුලි ඉල්ලූම අධිකම කාලයේදී ගෑස් ටර්බයින ක‍්‍රියා කර විදුලි ඒකකයක් නිපදවීමට විදුලි බල මණ්ඩලයට වැයවන මුදල රුපියල් 40ක් බව ද හෙතෙම සඳහන් කළේය.
ඉහත කී විදුලි ප‍්‍රමාණයට අමතරව දකුණු පළාතේ තිබෙන වෙනුවෙන් මෙගාවොට් 25ක් නිපදවිය හැකි ඈෂ් පවර් නැමති පෞද්ගලික විදුලි බලාගාරය හා මෙගාවොට් 50ක් නිපදවිය හැකි කෙරවලපිටියේ පිහිටි ඒෂියා පවර් බලාගාරය මිලදී ගැනීමට ද විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබී ඇති නමුත් එයද ක‍්‍රියාත්මක වී නැතැයි සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විදුලි අර්බුදය ඇති වීමට හේතුව විදුලිබල හිටපු ඇමැති කියයි