(අංජුල මහික වීරරත්න)
කුමන දේශගුණික තත්ත්වයක් යටතේ වුවද විදුලිබල කප්පාදුවක් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
පවතින කාලගුණික තත්ත්වය යටතේ දිනකට විදුලි බල්බ දෙකක් නිවා දැමීම තුළින් මෙගාවොට් 100ක ධාරිතාවක් ඉතිරි කරගැනීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා අරපරිස්සමින් විදුලිය පාවිච්චි කිරීම සියලු අර්බුදවලට විසඳුම බවද කියාසිටියේය.
අධික විදුලි ඉල්ලුම සහ බලාගාර ආශ්රිත ප්‍රදේශවලට වැස්ස අඩුවීම විදුලිබල හිඟයට ප්‍රධාන හේතුව වී ඇතැයිද එසේ වුවත් කිසිදු ආකාරයකට විදුලිය කප්පාදු කිරීමට අදහසක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
පුරා වසර 10ක් මුළුල්ලේ විදුලි අවශ්‍යතාවට සරිලන විදුලි ජනන පද්ධති නිර්මාණය නොකිරීම වත්මන් තත්ත්වයට හේතුවක් බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුමන දේශගුණයක් තිබුණත් විදුලිය කපන්නේ නැති බව රවී කියයි