(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මත යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (22) පැවැසීය.
නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මගින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුරට මේ රට වෙනස් කිරීමේ හැකියාව ඇතැයි ද අජිත් පී. පෙරේරා මහතා කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කරන ලද #අපේ2030 යොවුන් සංවාදයේ’ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීවේය.
“මේ රටේ අනාගතය පවතින්නේ නවෝත්පාදනය මතයි. වාසනාවකට අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවගේම, අපි හැමෝගෙම ඇඟ ඇතුළේ, අපේ ලේවල අපේ ඩී.එන්.ඒ.වල නවෝත්පාදනය තිබෙනවා. අපි රටේ හැමෝගෙම ඇඟ ඇතුළේ පෞරෂත්වය නායකත්වය තිබෙනවා. නවෝත්පාදනය සහ නායකත්වය තිබෙනවා නම් ව්‍යවසායකත්වය නිකංම ලැබෙනවා. ඒක සංයෝගයක්.
එහෙත් අපිට ව්‍යවසායකත්වය නැහැ. අපේ රට, අපිට ජාතියක් විදියට ව්‍යවසායකත්වය නැහැ. අපිට ව්‍යවසායකත්වය නැතුව නෙමෙයි. අපේ ඇඟවල් ඇතුළේ ව්‍යවසායකත්වය තිබෙනවා.
එහෙත් අපේ අම්මලා තාත්තලා ඒක අපේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරලා, හරි හම්බ කරලා සතුටින් හොඳින් ජීවත් වෙන විදිය මවුපියෝ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා හැමතිස්සේම උත්සාහ කරන්නේ දරුවන්ව සම්ප්‍රදායනුකූල රැකියාවලට යොමු කරන්නයි. වර්තමානය වනවිට සම්ප්‍රදායනුකූල රැකියාවලට හිමිව ඇත්තේ බොහෝම පොඩි තැනක්.
අද අපේ රටේ අනාගතය රැඳී පවතින්නේ ඔබ මතයි. මේ රටේ අනාගතය ගොඩනගන්න, මේ රට පොහොසත් කරන්න හැකියාව තිබෙන්නේ ඔබ වැනි දරුවන් මතයි. මේ දරුවන්ට අපේ දරු පරම්පරාවට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපට බැරි වෙච්ච දේ අපි උත්සාහ කරන දේ ඔබට කරන්න පුළුවන්. දරුවන්ට ඒ ශක්තිය හා හැකියාව තිබෙනවා. දරුවන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රට ව්‍යවසාය ක්ෂේත්‍රයෙන් ඉක්මනින් දියුණු වෙනවා.
මගේ පරම්පරාවේ අපේ පරම්පරාවේ ව්‍යාපාර කළේ මුකුත් කරගන්න බැරි වුණ අය. එහෙමත් නැතිනම් පරම්පරාවෙන් ව්‍යාපාර උරුම වූ අය. එහෙමත් නැතිනම් අහම්බෙන්. එහෙත් අද එම තත්ත්වය වෙනස් වෙලා. අද ව්‍යවසායකත්වයට වටිනාකමක් ලැබිලා තියෙනවා. අද තමන්ගේ කියලා ව්‍යාපාරයක් ගොඩනැගීම ආඩම්බරයට කරුණක්. අද රටට ඕන වෙලා තියෙන්නේ එයයි. අද අපි අපේ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා තවත් ආයතන රැසක් එකතුවෙලා කරන්නේ තමන්ගේ කියලා ව්‍යවසාය ගොඩනගන දරුවන්ට උපකාර කරන එකයි.
රැකියා ඉල්ලන තරුණ තරුණියන් වෙනුවට තමන්ගේ කියලා ව්‍යාපාර ගොඩනගන, ව්‍යාපාර, ව්‍යවසාය තුළින් රටත් ලෝකයත් යන ව්‍යාපාර ගොඩනගන තරුණ පරම්පරාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තරුණ දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතා වැඩිදියුණු කරන ගමන් අපි ඒ සඳහා තිබෙන අවස්ථා උදා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා කීවේය.
එහිදි අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මෙසේ කීය.
“තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම දරිද්‍රතාව හා කුසගින්න අවම කිරීම, සාමය ඇති ගොඩනැගීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම ආදී අභියෝග රැසක් ජයගැනීමට අපට අවස්ථාව උදා කර දෙනවා. තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම බොහෝ ජය ගැනීමට අපට සහයෝගය ලබාදෙනවා.
ප්‍රජාවට අවස්ථාව ලබා දීම සහ ඔවුන්ට සවිබල ගැන්වීම තුළින් සංවර්ධනය අත්පත් කරගත හැකි අතර අපට හමුවේ තිබෙන ගැටලුවලට නවෝත්පාදනය ඔස්සේ විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සාමූහික වැඩසටහනක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් සාමූහික වැඩපිළිවෙලක් ඇති කරමින් සියලු දෙනා එකතු වෙමින් කටයුතු කරමින් ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් ආයෝජනය කළ යුතුයි. වඩාත් වැදගත් වන්නේ රජය ඇතුළු සියලු පාර්ශව එක් මේසයකට පැමිණ සාකච්ඡා කර ප්‍රතිපත්ති ගැනීම සහ ඒවා ඉටු කිරීමයි” යැයි ද හෙතෙම කීවේය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘