IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සේනා දළඹුවා මර්දනයට රජය මැදිහත්විය යුතුයි

   (නිමල කොඩිතුවක්කු)

සේනා දළඹුවා බඩ ඉරිඟු වගාවේ සිට වී, එළවලූ ඇතුළු  අනෙකුත් භෝගයන්ට සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙම දළඹුවන් මර්ධනය කිරිමට රජය මැදිහත්ව ජාතික වැඩපිළිවෙළක්  ක‍්‍රියාත්මක කළ  යුතුව ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සදහා සමස්ථ ගොවි ජනතාවගේම සහාය රජයට ලබාදිමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

සේනා දළඹුවාගේ වයාප්තිය, එම දළඹුවාගෙන් වගාවට වන හානිය සහ සේනා දළඹුවා මර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් කළ කරුණාරත්න මහතා මෙසේද පැවැසීය.

   ‘‘සේනා දළඹුවා බිත්තර 200කට වැඩිප‍්‍රමාණයක් දානවා. මෙයා තටු ඇවිත් සමනලයෙක් වුනාට පස්සේ දවසකට කිලෝමීටර් 100ක් පමන පියාසර කරනවා. ඒ අනුව දින කිහිපයක් තුළ රටේ එක කෙළවරක සිට අනික් කෙළවරටම පියාසර කිරිමේ හැකියාව තියෙනවා.

ඉගිලීමේ හැකියාව, අධික ලෙස බිත්තර දැමීම සහ සේනාවක්  විදියට ගමන් කරන නිසා මේ දළඹුවගේ ව්‍යාප්තිය ඉතාම වේගවත් වෙනවා.

සේනා දළඹුවාගේ ඊළඟ විශේෂත්වය තමයි මේ සතා නොනවත්වා ආහාර ගැනීම. පැය 24ම මේ සතා ආහාර ගන්නවා. කොච්චර කෑවත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ  නිසා මේ සතාගෙන් වන හානිය ඉතාම බරපතලයි.

සේනා දළඹුවාට කෘෂි රසායන කිහිපයක්ම නිර්දේශ කරලා තියෙනවා. ඒවාට මේ සතා යම් ප‍්‍රතික‍්‍රියාවක් දක්වලා තියෙනවා. සතා මර්ධනය කරන්න යම් කිසි තෙලක් බෙහෙතක් උගේ ඇඟට වැටෙනවිට අර කටුස්සා පාට වෙනස්  කරනවා වගේ ඒකට මේ සතා අනුවර්ථනය වෙනවා. ඒකට ඌ ප‍්‍රතික‍්‍රියා දක්වන නිසා ඒක මර්ධනය කරන එක ටිකක් අමාරුයි.

භෝග සීයකට වැඩි ප‍්‍රමාණයකට මේ දළඹුවා හානි කිරීමේ හැකියාව තියෙනවා. බඩ ඉරිඟු තමයි මේ සතාගේ ජනප‍්‍රියම කෑම බවට පත්වෙලා තියෙන්නේ.  බඩ ඉරිඟු වලින් ඔබ්බට ගිහින් දැන් ගොයමට ඇවිත් තියෙනවා. මේ නිසා සමහර ප‍්‍රදේශවල දැන් ගොවියන් ගොයම අමුවෙන් කපන්න පටන් ගෙන තියෙනවා.

නයිජීරියාවෙන් තමයි මේ දළඹුවා හොයා ගන්නේ. ලෝකයේ රටවල් 44කම මෙයා ව්‍යාප්ත වෙලා තියෙනවා. 2017 වසරේ ඉන්දියාවට සේනා දළඹුවා අවා. ඉන්දියාව මර්ධනය කලා. ලෝකයේ වෙනත් රටවල මේ දළඹුවා මර්ධනය කළ ආකාරය පිළිබඳව අධ්‍යයනයක් කරලා ඒ තොරතුරු ලබා ගතයුතුයි.

ආපදාවක් ආවට පස්සේ මුලූ රටේම අවදානය එතනට යොමු වෙනවා. ඒ වගේම සේනා දළඹුවා ඉන්න ප‍්‍රදෙශ විශේෂ ආපදාවට ලක්වූ ප‍්‍රදේශ ලෙස රජය නම් කළ යුතුයි. එතකොට චක‍්‍රලේක අබිබවා ගිහින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. අවම හානියක් වෙන විදියට සේනා දළඹුවා මර්ධනය කිරීමේ ක‍්‍රමවේද ගොවියන්ට, නිළධාරීන්ට හදුන්වාදීමට රජය කටයුතු කල යුතුයි.

සේනා දළඹුවා හටගත්ත දමන ප‍්‍රදේශයේ තමයි වැඩියෙන්ම බඩ ඉරිඟු වගා කරන්නේ. ඒ සදහා බීජ ගෙන්වන්නේ වෙනත් රටවලින්. බඩඉරිගු  එක්ක මේ සතාගේ බිත්තර එවලාද කියන සැකය අපිට තියෙනවා’’ යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

සේනා දළඹුවා මර්දනයට රජය මැදිහත්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site