(අංජුල මහික වීරරත්න)
ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ප්‍රජාතන්තවාදී ක්‍රමවේදයට අනුව ව්‍යවස්ථානුකූලව ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීමට පියවර ගෙන තිබෙන මේ අවස්ථාවේ කලබල වී විවේචනාත්මක අදහස් පළ කරන පිරිස් වෙතින් අප ඉල්ලා සිටින්නේ එදා මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා විරෝධී ලෙස ඇමැති මණ්ඩලය අසීමිත ලෙස වැඩිකරගත් අවස්ථාවේ තමන් කළ කී දෑ යළි සිහිපත් කර බලන ලෙස යැයිද කිරිඇල්ල මහතා ඉල්ලා සිටි.
මේ සන්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කරයි.
සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරලීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම, ජනතා පරමාධිපත්‍ය සුරැකීම හා අන්තවාදය පිටුදැකීම පිළිගන්නා සියළු පාර්ශවයන් සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ස්ථාපිත කරලීමේ අවශ්‍යතාව පිළිගන්නා සියළු පාර්ශවයන්ට මේ ජාතික ආණ්ඩුව සමඟ එක්විය හැකි ය.
ජාතික ආණ්ඩුව පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කරලීමේ යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව ය. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හිතුමතේට තම ඇමැති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගැනීමට එදා කටයුතු කළේ ව්‍යවස්ථාව හෝ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට ගොඩනැංවීමේ ව්‍යායාමයට සියළු දේශපාලන පක්‍ෂ සහභාගී කර ගැනීම අරමුණයි