(තරිඳු ජයවර්ධන)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවක් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවැසීය.
රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව බවත් දේශපාලන පළිගැනීම් ආදිය සම්බන්ධයෙන් තීරණය ගන්නේ ඔවුන් බවත් එවැනි පසුබිමක රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීම මෙන්ම අරලියගහ මන්දිරයට සහභාගි වීමෙන්ද ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් පැන නගින බව ස්ටාලින් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මරදාන සී.එස්.ආර්හිදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අරලියගහ මන්දිරයට සහභාගි වූයේ කුමක් සඳහාදැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයන් පැහැදිලි කළයුතු ඇතැයිද ස්ටාලින් මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා පත්කිරීමදී පවා රාජ්‍ය සේවා කොමිසමේ යම් ගැටළු සහගත තත්ත්වයන් විවේඡනය කළ බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම ගුරු සංගමය හෙලාදකී