IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ප්‍රසම්පාදන සභාවට නව සාමාජිකයන් පත්කර නෑ’


 
 
බිඟුන් මේනක ගමගේ 
 

 
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට නව සාමාජිකයන් තවමත් පත්කර නැතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නව සාමාජිකයන්ගේ නම් නිර්දේශ කළ ද ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබීම නිසා මෙම පත්වීම් පමා වී ඇතැයි ඔහු කීය.
 
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය ඔක්තෝබරයේ දී නිමා වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊට නව සාමාජිකයන් පත්කරන තෙක් පැවැති සාමාජිකත්වයටම ක්‍රියා කිරීමට බලය හිමිවේ. 
 
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන භාණ්ඩ, වැඩ, සේවා, තොරතුරු පද්ධති හා  උපදේශකවරුන් තෝරා ගැනීම සහ සේවයේ නියුක්ත කිරීමට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත පවරා ඇති මූලික කාර්ය වේ. 
 
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ නැංවීම, විධිමත්ව ප්‍රසම්පාදනය සැලසුම් කිරීම, ක්‍රමානුකූලව ලංසු ඇගයීම, කොන්ත්‍රාත් පරිපාලනය වැනි අවශ්‍යතා සපුරාලීමෙන් මහජන මුදල් ඉතිරිකර ගැනීම එහි අරමුණ වේ. 



අදහස් (0)

‘ප්‍රසම්පාදන සභාවට නව සාමාජිකයන් පත්කර නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site