(නිමල කොඩිතුවක්කු)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට රටේ පවතින දූෂිතම ආයතනයක් බවට පත්ව ඇති බවත් එහි වගකීම වත්මන් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය බාර ගත යුතු බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉදිරි මාසවල වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්වයකට පත්ව ඇති බවත් එම අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් වහාම විගණනයක් සිදුකරන ලෙසට විගනකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම සංවිධානයේ සභාපති සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පැවැසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැුකීමේ සංවිධානය මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද (24) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා මෙසේද කීය.
‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියන්නේ මෙරට නිවාස පිළිබඳව ඇති ප‍්‍රධානතම ආයතනයයි. එහි දිස්ත‍්‍රික් කාර්යාල 25ක් පමණ තියෙනවා. 1979 වසරේ ඇරඹි මෙම ආයතනය ආරම්භයේ සිටම දේශපාලනයට යටවූ ආයතනයක් බවට ප‍්‍රචලිතයි.
2015 මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ මේ ආයතනය දිනෙන් දින කඩා වැටෙමින් තියෙනවා. මාර්තු මාසය වනවිට මේ ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ ගැටලූවක් තියෙනවා. දැනටමත් මේ ආයතනයේ සේවකයන්ට ලබා දුන්න සුබ සාධක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් කප්පාදු කරමින් සිටිනවා.
ජනතාවට නිවාස දෙනවා කියලා ප‍්‍රචාර ගෙන ගියාට ඇත්ත කාරණය තමයි ජනතාවට නිවාස දෙන මුවාවෙන් දේශපාලන හෙන්චයියන්ගේ මඩමක් බවට අද මෙම ආයතනය පත්ව තිබෙනවා.
මේ ආයතනය මේ තත්වයට පත්කිරීමට ප‍්‍රධාන වගකිවයුත්තා ආයතනයේ වත්මන් සභාපති ලක්විජය සාගල පළන්සූරිය මහතායි. ඔහු ඇමතිවරයාත් අන්දවලා මේ කටයුතු කරගෙන යනවා."
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දුෂිත ආයතනයක් වෙලා’