IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සේනා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු තුරන් කළ නොහැකි

(හර්ෂණ තුෂාර සිල්වා)

සේනා දළඹුවා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු ප්‍රායෝගිකව එම කෘමියා තුරන් කළ නොහැකි යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම දළඹුවා එලෙස ව්‍යාප්ත වූ පසු ගොවීන්ට නිරන්තරයෙන් මුණ ගැසෙන කෘමියකු බවට පත්වන බවත් ඒ නිසා ගොවීන් මෙම දළඹුවා පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතු බවත් සේනා දළඹුවාගෙන් වගා ආරක්ෂා කරගැනීම කළමනාකරණය කරගැනීමට ගොවීන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන පෙන්වාදෙයි. 

මෙරට බඩඉරිඟු වගාවට සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වී තිබෙන සේනා දළඹුවා උක් වගාවටද ව්‍යාප්ත වී ඇති බවත් වී ඇතුළු අනෙක් බෝගවලට ද ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන කියයි. 

ස්වභාවික පාලනයක් හෝ නිසි කළමනාකරණයක් නොමැති නම් සේනා දළඹුවා බෝගවලට සහ ගොවීන්ගේ ජන ජීවිතයට සැලකිය යුතු හානියක් කළ හැකි යැයි ද එම වැඩසටහන සඳහන් කරයි. 

ඇමෙරිකානු කලාපයට ආවේණික මෙම කෘමියා මුලින්ම හඳුනා ගෙන ඇත්තේ මධ්‍යම හා බටහිර  අප්‍රිකානු රටවලදීය. ඒ 2016 වසරේදීය. ඉන් අනතුරුව අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලදී විශේෂයෙන්ම සහරා කාන්තාරයට දකුණු දෙසට වන්නට පිහිටි රටවලත්, ඉන් අනතුරුව යේමනයේදීත් හඳුනාගෙන ඇත. පසුගිය වසරේ ජූලි මාසයේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන්ද සේනා දළඹුවන් සොයාගෙන තිබෙන අතර ඉන් අනතුරුව ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම සොයාගෙන ඇත. 

සේනා දළඹුවා පිළිබඳව අවබෝධය හා අවධානය වැඩිකිරීම, මෙම කෘමියා මර්දනය කිරීමේදී අනෙක් රටවල් අනුගමනය කරන ලද ක්‍රමවේද පිළිබඳව සහ තිබෙන විකල්ප යොදා ගනිමින් සහ මූලික පියවර ගනිමින් දළඹුවා ව්‍යාප්ත වීම පාලනය කිරීමට පියවර ගත යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන පෙන්වා දෙයි. 

සේනා දළඹුවා මර්දනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික වැඩසටහන ශ්‍රී ලංකා රජය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ගොවීන් සහ ඔවුන්ගේ ජනජීවිතය ආරක්ෂා කිරීමට සිය සංවිධානය කැප වී සිටින බවත් මෙරට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය තවදුරටත් සඳහන් කරයි.

දිස්ත්‍රික්ක රැසකට ව්‍යාප්තවී තිබෙන සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා ජනාධිපති කාර්ය සාධන බළකායක් ද ස්ථාපිත කරනු ලැබීය. 

 



අදහස් (0)

සේනා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු තුරන් කළ නොහැකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site