IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘තරුණ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

කාලයෙන් කාලයට වෙනස්වන තරුණ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවැසීය. 

මෙරට අධ්‍යාපන ක්‍රමය හොඳ වුවත් එය තවදුරටත් දියුණු විය යුතු යැයි ද අමාත්‍ය සාගල රත්නායක මහතා කීය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කරන ලද  z#අපේ2030  යොවුන් සංවාදයේ’ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. 

කිසිදු තරුණයකු අත්හැර දමා ඉදිරියට යා නොහැකි යැයි ද ස්වාධීනව නැගි සිටිය හැකි තරුණ ප්‍රජාවක් බිහි කිරීම රජය ඇතුළු සෑම පාර්ශවයකම වගකීමක් යැයි ද ඔහු කීවේය. 

එහිදි අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ද කීය.

          “අපේ රටේ අනාගතය තරුණයන්. ඕනෑම රටක අනාගතය රඳා පවතින්නේ තරුණයක් මතයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හොඳයි. අපේ අධ්‍යාපනයට ලෝකයේ හැමතැනකම වාගේ හොඳ පිළිගැනීමක් තිබෙනවා. අපේ වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට හොඳ පිළිගැනීමක් තිබෙනවා. ඔවුන් බොහෝමයක් හොඳ තැන්වල, ලෝකයේ ප්‍රමුඛතම තැන්වල රාජකාරී කරනවා. එහෙත් අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි.

ප්‍රශ්නය මොකක් ද ? ප්‍රශ්නයක් ගොඩක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය හොඳ වුණත් එය දියුණු කළ යුතුයි. මුල ඉඳන් සකස් කළ යුතුයි. තාරුණ්‍යයට තිබෙන අභියෝග වෙනස් වෙලා. අපි තරුණයන් ලෙස මුහුණ දුන්නු අභියෝග නෙමෙයි දැන් තියෙන්නේ. අභියෝග වෙනස් වෙලා. කාලය වෙනස් වෙලා. කාලයෙන් කාලයට වෙනස්වන අභියෝගවලට මුහුණ දිය හැකි ඒ ඒ කාලවල සිටින තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩසටහනක් තියෙන්නේ.

ඒ නිසා යෞවන කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්ව පුළුල් යෞවන සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. එහි තරුණයන්ගේ සංවර්ධනය බලාපොරොත්තුවන පාර්ශව රැසක් තිබෙනවා. ජාතික සහ රාජ්‍ය ආයතන, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් තිබෙනවා. සිවිල් සංවිධාන තිබෙනවා. පෞද්ගලික සංවිධාන තිබෙනවා.

ලංකාවේ තරුණයන් පිළිබඳව අවධානය යොමු කරන පාර්ශව රැසක් සිටියත් ඒ සියල්ල එක තැනක නැහැ. ඔවුන් එක්ව සාකච්ඡා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මා යෞවන කටයුතු අමාත්‍යවරයාව කටයුතු කරද්දි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් මා හමු වී සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි පුළුල් යෞවන සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. මම දැන් ඒ විෂයභාර අමාත්‍යවරයා නොවුණත් අපි ආරම්භ කරපු දේවල් තවමත් ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බැලුවා. තවමත් එය ක්‍රියාත්මක වෙනවා.

අපිට කිසිදු තරුණයක් අත්හැරලා දාන්න බැහැ. අපිට කිසිදු තරුණයෙක් මඟහරින්න බැහැ. අපි තරුණයන්ට හරි මාර්ගය පෙන්වන්න ඕනේ. ඒ මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි පසුබිම හදන්න ඕනේ. තරුණයන්ගේ අත්වැල් අල්ලාගෙන යන්න ඕනේ. ඔවුන්ට උපකාර කරන්න ඕනේ. එහෙත් ටික දුරක් ගියාම තනියම යන්න ඔවුන්ට කියලා දෙන්න ඕනේ. ඔවුන්ට පුහුණුව සහ අත්දැකීම් දෙන්න ඕනේ. 

 ස්වාධීන නැගී සිටිය හැකි තරුණයන් නිර්මාණය කළ යුතුයි. ඒ වගකීම රජයට තිබෙනවා. රජයට විතරක් නෙමෙයි අපි හැමෝටම ඒ වගකීම තිබෙනවා

ආණ්ඩු විවිධ කාලවලදී තරුණයන් වෙනුවෙන් වැඩසටහන් දියත් කරනවා. අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඔස්සේ තරුණයන්ට ව්‍යවසාකයන් වෙන්න අවස්ථා උදා කරලා තියෙනවා. අපි එවැනි වැඩසටහන් රැසක් ආරම්භ කරලා තියෙනවා. 

සාම්ප්‍රදායික රැකියාවලට යොමුවන තරුණයන් වෙනුවට අපි තරුණ ව්‍යවසාකයන් නිර්මාණය කරන්න ඕනේ. 

අපි අංග සම්පූර්ණ නැහැ. අපේ වැරැදි තිබෙනවා. ඒ නිසා අපිත් එක්ක කතා කරන්න. අපේ වැරැදි පෙන්වාදෙන්න. ශක්තිමත් වෙන්නැයි මා තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා. ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නැයි මා තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද කීවේය. 

ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 

 



අදහස් (0)

‘‘තරුණ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site