(නිමල කොඩිතුවක්කු)
රජයේ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් කෝටි 700 කට අධික මුදලක් නොලැබීමෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ කොන්ත‍්‍රාත්කරු දහසකට වැඩි පිරිසක් දැඩි අසීරු තත්වයකට පත්ව සිටිති.
අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන හා ජල පවාහන මණ්ඩලය ආදී ආයතන වල සිදුකළ ඉදිකිරීම් සඳහා එම මුදල් ගෙවිය යුතු බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප‍්‍රියන්ත ගලගොඩ මහතා ලංකාදීපයට පැවැසීය.
රජය එම මුදල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවටත් පෙන්වා දුන් ගලගොඩ මහතා මහාපරිමාන කොන්ත‍්‍රාත්කරුවන්ට සහ සමාගම් වලට පවා මුදල් ගෙවීම් ප‍්‍රමාද වී ඇති බවද පෙන්වා දුන්නේය.
මේ අර්බුදය නිසා සැපයුම්කරුවන්, සේවකයන් ඇතුළු විශාල පිරිසකටද රැකියා අහිමි වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඇතැම් කොන්ත‍්‍රාත්කරුවන්ගේ නිවාස ඉඩකඩම් පවා මේ වනවිට මූල්‍ය ආයතන වලට සින්න වී ඇති බවත් රජය මැදිහත්ව මෙම තත්ත්වය වහාම නිරවුල් කළ යුතු බවත් ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ ඉදිකිරීම්වලට මුදල් නොලැබීමෙන් කොන්ත‍්‍රාත්කරුවන් අසීරුතාවක