හර්ෂණ තුෂාර සිල්වා
ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කොළඹදී පැවැසීය.
වත්මන් දේශපාලන අර්බුදය නුදුරේදී විසඳා ගත්ත ද එම නිසා ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම දිගුකාලීනව පවතින බවත් එය ගණනය කළ නොහැකි තරම් විශාල යැයි ද මහාචාර්ය අබේරත්න මහතා කීය.
කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් මහාචාර්යවරයා එම කරුණු කීවේය.
දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට බලපාන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙසේ ද කීය.
“ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු වූ දේශපාලන අර්බුදය ආර්ථිකයට කිසිසේත් හිතකර නැහැ. අපිට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. දේශපාලන අර්බුදය ඉදිරි දිනකදී විසඳා ගත්තත් එයින් ආර්ථිකයට සිදුවන බලපෑම නවතින්නේ නැහැ. එය දීර්ඝකාලීනව ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා.
දේශාපලන අර්බුදය කම්පනය දිනයකින් දෙකකින්, සතියකින්, මාසයකින් නවතින්නේ නැහැ. එහි බලපෑම තවත් අවුරුදු ගණනාවක් තියෙනවා. ආයෝජකයන් ලංකාව පිළිබඳව සුළු හෝ බලාපොරොත්තුවක් තිබුණා නම් එයත් දැන් නැතිව යනවා”.
ඡායාරූප චතුර එස්. කොඩිකාර
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිවිපාකවලට මුහුණදෙන්න වෙනවා’