විනීතා එම් ගමගේ
රට පුරා පරිසරයට හානි කෙරෙන ක‍්‍රියාකාරකම් ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි නිරික්ෂණවලින් පෙනී යන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
රටේ පවතින අරාජික තත්ත්වය හේතුවෙන් පරිසරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ඉහළ නිලධාරින්ගේ අවධානය සහමුලින්ම බිඳ වැටී තිබීම නිසා මෙසේ පරිසර හානි ගැන කිසිදු අවධානයක් යොමු නොවන තත්ත්වයක් උදාවී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා අද (28) පැවසීය.
කැලෑ කැපීම්, වැලි ගොඩ දැමීම්, ගල්කොරි පවත්වාගෙන යාම්, අලි මිනිස් ගැටුම ඉහළයාම, නීතිවිරෝධීව ඉඩම් අත්පත් කරගැනීම, ජල පෝෂක ප‍්‍රදේශ විනාශය හා වෙනත් පාරිසරික ප‍්‍රශ්න රාශියක් මෙසේ තීව‍්‍ර වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
පරිසර යුක්ති කේන්ද්‍රය මේ සම්බන්ධව කළ අධ්‍යයනයක දී හෙළි වූයේ පරිසරය වෙනුවෙන් ගත හැකි තීරණ පවා නොගෙන සමහර නිලධාරින් හිතවත් පිරිස්වලට වාසි සහගත තත්ත්වයන් උදාකරමින් සිටින බව යැයි ද විතානගේ මහතා පැවසිය.
පසුගිය දින කිහිපයේ දී මාවිල් ආරු ප‍්‍රදේශයේ අක්කර හයසීයක් අල්ලා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට සබඳතා ඇති දේශපාලඥයෙක් ජනතාව උසි ගන්වමින් සිටිනු තම සංවිධානය නිරික්ෂණය කළ බව ද ඔහු සඳහන් කළේය.
මාදුරු ඔය රක්ෂිත ප‍්‍රදේශයේ ඉඩම් අල්ලා ගැනීම සඳහා තවත් පිරිසක් කටයුතු කිරීම පිටුපස පවතින්නේ ද මෙකී අරාජිකභාවය යැයි ද මෙම අවස්ථාව හිතාමතාම මෙකී ඉඩම් ඇල්ලීමට යොදාගත් බව පෙනී යන්නේ යැයි ද විතානගේ මහතා කීය.
මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම පමා නොකරන මෙන් සියලූ රාජ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් පවතින තත්ත්වය නිවැරදි කිරීමට වහා පියවර ගන්නා ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් හෙතෙම කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පවතින අරාජික බව පරිසරය විනාශ කරනවා’