නාලක සංජීව දහනායක
යුක්තිය ඉටුකරන්නේ නම් කතානායකවරයාට ජම්පරය ඇඳීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) පැවැසීය.
නමුත් කතානායකවරයා අයුක්තියට වැඩ කරන බැවින් ඔහුට නිතර ජම්පරය මතක්වනවා ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.
අලූත් සන්ධානයකින් පුළුල් සන්ධානයකින් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කරනවා. ඔය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය හා තවත් සුළු පක්‍ෂ එකතුකරගෙන එක්සත් ජාතික පක්‍ෂය හදන සන්ධානයක් ගැනයි. මේ දවස්වල පාර්ලිමේන්තුවේ තියෙන්නෙත් ඔය සන්ධානයමයි. ඒ නිසා ඕක අලූත් සන්ධානයක් නෙවෙයි.
මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙන්නේ කොතනින්ද කියල මුළු රටම දන්නවා. අද එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරන්නෙත් ද්‍රවිඩ ජාතික සන්ධානයයි. ඒ ගොල්ල මොන හවුලකට ගියත් කමක් නැහැ. අපිට ඉක්මණින්ම මැතිවරණයක් ඕනෑ.
යුක්තිය ඉටුකර ජම්පරය වුනත් අඳින්න තමන් සූදානම් බව කතානායකවරයා කියා තිබුණා. යුත්තිය, සාධාරණය ඉටුකරනවානම් මොකටද ජම්පර අඳින්නේ. අයුක්තියට වැඩකරන නිසා කතානායකවරයාට ජම්පරය මතක් වෙනවා ඇති. කවදාවත් පාර්ලිමේන්තුවට හිස් න්‍යාය පත‍්‍රයක් ආවේ නැහැ.
නමුත් පසුගිය 14 වැනිදා සිට අද දක්වාම පාර්ලිමේන්තුව රැස්වෙන්නේ න්‍යාය පත‍්‍රයක් නැතුවයි. නියමාකාරයෙන් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයක් සකස් කරන තුරු අපි පාර්ලිමේන්තුවට යන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවෙන් කන්නෙත් නැතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුක්තිය ඉටුකරනවා නම් කතානායකවරයා ජම්පරය අඳින්න ඕන නෑ’