(විනීතා එම් ගමගේ)
පුද්ගලෙයකු තූල තිබිය යුතු තැන්පත් බව, ඉවසීම, වැදගත් බව හා සදාචාරාත්මක බවින් බැහැර වී දේශපාලනය කරන්නන් දේශපාලඥයින් යැයි හඳුන්වන්නට නොහැකි යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
විද්‍යාඥයින් හා දේශපාලඥයින් අතර ඇති වෙනස මේ දිනවල ඉතා හොඳින් පැහැදිලිව පෙනෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
විද්‍යාඥයින් තුළ ඇති තැන්පත් බව, සදාචාරාත්මක බව, බුද්ධිය, පරිනත බව, විනය ගරුක බව මානුෂිකත්වය ඔවුන් ගේ චරිත ලක්ෂණ පෙන්වන කැඩපත බව කී සිරිසේන මහතා එය ඕනැම කෙනෙකුට දැකිය හැකි යැයි ද කීය.
දේශපාලනය කරන හැම කෙනෙක් ම දේශපාලඥයෙක් දැයි ප‍්‍රශ්නයක් මතුවන්නේ යැයි කී ජනාධිපතිවරයා විද්‍යාඥයා හා දේශපාලඥයා අතර වෙනස බලද්දී සැබෑ දේශපාලඥයා කවුදැයි පොදු ජනතාව මනසින් තේරුම් ගෙන ඇතැයි තමන් සිතන්නේ යැයි ද කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ ජාතික උත්සවයේ දී පැමිණ සිටි විද්‍යාඥයින් අමතමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ මොනවද කියවන්නේ?
ඔබතුමාගේ කට්ටිය මේ පහුගිය දින කීපය තුල පාර්ලිමේන්තුවේදී අපිට සදාචාරය, හික්මීම, යහපත් හැසිරීම, බුද්ධිය, පරිණතකම සදාචාරාත්මකකම ගැන අනන්තවත් උදාහරණ පෙන්නලා දුන්නනේ..? අපිට තවත් මොකටද ඒ ගැන කියා දෙන්නේ...?