IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඖෂධ නියාමනය සම්බන්ධ රජයේ වැඩපිළිවෙළ නිසා ඖෂධ මිල ඉහළ ගිහින්

(නිමල කොඩිතුවක්කු)

ඖෂධ නියාමනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිලිවෙළ නිසා  රටේ ප‍්‍රමිතිගත ඖෂධ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා කොළඹදී  අද(17) පැවසීය.
මෙරට ඖෂධ හිඟයක් ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍යක් බවත් අඩුමුදලට ගුණාත්මක ඖෂධ ලබාදීමට රජය සෑමවිටම කටයුතු කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
වෛද්‍යවරුන් අනුමත නොකරන ඇතැම් ඖෂධ වර්ග පමණක් වෙඳපොළෙන් ඉවත්වන බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වලට ඉන් කිසිදු හානියක් නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඖෂධ නියාමනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් බඩට වැදුණු සමාගම් වැරදි ප‍්‍රචාරයන් පතුරවමින් සිටින බවත් කී අමාත්‍යවරයා දුම්කොළ සදහා  බදු පැනවීමේදීද මෙවැනි ආකාරයෙන්ම එවැනි සමාගම් තමන්ට සහ රජයට පහර දුන් බවත් කියා සිටියේය.

ඖෂධ වල මිල  අඩුකිරිම නිසා පසුගිය වසරේදී   මහජනතාවට රුපියල් බිලියන 4.4ක ප‍්‍රතිලාභයක් හිමිවූ බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඖෂධ නිශ්පාදන සමාගම් වලින් කළ ඉල්ලිමක් මත ඖෂධ මිල පහත දැමීම හේතුවෙන් එම වසරේදී රුපියල් බිලියන 09ක් රජය ලාභ ලැබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

යුරෝපිය, ඇමරිකානු වෙළඳපොළට එක් ඖෂධයක් සදහා වෙළඳනාම 04ක් පහක් පමණක් තිබෙන බවත් අපේ රටේ එක් ඖෂධයකට  වෙළඳනාම පනහක් හැටක් පමණ තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉන් අපේ රටේ ඖෂධවල ගුණාත්මක භාවයට විශාල හානියක් වන බවද පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා පැවසුවේ අධිකාරිය සෑමවිටම තත්ත්වයෙන් උසස් ඖෂධ රෝගීන්ට ලබාදිමට පියවර ගන්නා බවයි.
ඖෂධ නිශ්පාදන මිල පහත දැම්මද ඖෂධ වල ගුණාත්මක භාවයට ඉන් කිසිදු ගැටලූවක් නොමැති බවත් ඔහු සදහන් කළේය.

එමෙන්ම ඖෂධ වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුව සදහා විශේෂඥ වෛද්‍ය ලක් කුමාර් ප‍්‍රනාන්දු, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම, විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිස්සංක ජයවර්ධන යන මහත්වරුන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්, ඖෂධ හිමියන් ඇතුලූ පිරිසක්ද එක්වූහ.
   



අදහස් (0)

ඖෂධ නියාමනය සම්බන්ධ රජයේ වැඩපිළිවෙළ නිසා ඖෂධ මිල ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site