IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දේශපාලනඥයින් ලැබුණු අවස්ථාවට පයින් ගැහුවා

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට හොද අවස්ථාවක් උදාවී තිබුණත් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලනඥයින් එම අවස්ථාවට පයින් ගසා ඇති බව පළමු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සහ හිටපු අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ මහතා කොළඹදී පැවැසීය.
 
සියලු ජාතින් සමග අත්වැල් බැඳ ගනිමින් රටට යළිත් මෙවැනි ව්‍යසනයක් නොවිමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇතැයිද විජේසිංහ මහතා සදහන් කළේය.
 
වැලිකඩවත්ත, රාජගිරිය ප‍්‍රදේශයේදී පිහිටි පළමු පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු  මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළමු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් චන්දු‍්‍රසේන විජේසිංහ මෙසේද කීය.
 
‘‘අපේ‍්‍රල් 21 එල්ල වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ඒ බිහිසුනු ත‍්‍රස්තවාදය හෙළා  දකින ගමන් මේ තත්වය රටේ ඉදිරි සාමකාමී තත්වය වෙනුවෙන් වාසියට හරවා ගත යුතුයි.
 
නමුත් අද එවැනි තත්වයක් දක්නයට ලැබෙන්නේ නැහැ. සාමය,  සංහිඳියාව වෙනුවෙන් අපට තියෙන  හොඳම අවස්තාවවට පයින් ගසා දේශපාලඥයින් කටයුතු කරනවා. දේශපාලන පක්ෂ තම තමන්ගේ පටු දේශපාලන වාසි තකා කටයුතු කරනවා වෙනුවට රට යථා තත්වයට  ගෙනල්ලා මේ ඛේදවාචකය රටට ආශිර්වාදයක් කිරීම පිළිබඳව   සොයා බලන්න කිසිවකුත් උනන්දු වුනේ නැහැ.
 
වසර තිහක් පුරා පැවති යුද ජයග‍්‍රහනයෙන් පසු ජාතීන් අතර සාමය, සංහිදියාව ගොඩනගන්න හොදම අවස්තාව නිර්මාණය වුනා. හැබැයි අපේ රටේ  පාලකයන් එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන  ගන්න උත්සාහ කලේ නැහැ. ඔවුන් යුද්ධ ජයග‍්‍රහනයත්  තම පටු දේශපාලන වුවමනාවෙන් වෙනුවෙන් යොදාගත්තා.
 
ආගමික වෙනස්කම් නොසලකා  සියලූම දෙනාම අත්වැල් බැදගෙන සාමුහිකව වෙසක් සැමරුම  කරන්න අපිට පුලුවන්කම තිබුණා. ඒ තත්වය පාවිච්චි කරලා  ජාතීන් අතර සංහිදියාව, සමගිය  ගොඩනගන්න කටයුතු කළ යුතුයි.

දැන් මේ වනවිට පාර්ලිමේන්තුවය විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් අමාත්‍ය රිෂාද් බදියුදින් මහතාට එරෙහිව ඉදිරිපත් කරලා තියෙනවා. ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයන්ට විරුද්ධව තරා තිරම නොබලා දඩුවම් දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.
 
මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුණාම පාර්ලිමේන්තුවේ හැසිරිම පිළිබද බරපතල ගැටලූවක් ඇතිවුණා .  දින 52 ආණ්ඩු සමයේදි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්ථකයට ඉදිරිපත් වෙන්නත් කලින් සම්මත කරගැනීමට කතානායකතුමා කටයුතු කළා.
 
එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඩ නැගූ පිරිස් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඩ නගන්න ඉදිරිපත් නොවීමත් කතානායකවරයාගේ මේ හැසිරිම් පිළිබදවත් බරපතල ගැටලූ තිබෙනවා.
 
දැන් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙයට පෙර දින 52 ආන්ඩු සමයේදි ඔවුන් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට දුන් ප‍්‍රමුඛතාවය මේ අවස්ථාවේදී දුන්නද කියන ගැටලූව දැන් මතුවෙලා තියෙනවා.
 
මොකද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් හය දෙනාට මේ විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහනය කළ නොහැකියි. මේ නිසා ඔවුන් අනෙක් කන්ඩායම් වල සහාය ලබා ගත යුතුයි. නමුත් ඔවුන් එවැනි දෙයක් කරන බවක් පේන්නේ නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුන ජයග‍්‍රහණය කිරිමේ අරමුණින් මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළාද කියන සැකය අපිට මතුවෙනවා.
 
මෙම අවස්ථාව සඳහා හිටපු පළාත් සභා මන්ත‍්‍රී සේන රත්නායක මහතාද එක් විය.



අදහස් (0)

දේශපාලනඥයින් ලැබුණු අවස්ථාවට පයින් ගැහුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site