(නිමල කොඩිතුවක්කු)
විසිඑක් වන සියවසේ ජීවත්වනවා වෙනුවට බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගෝත්රිකයන් ලෙස කටයුතු කරන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
ජාතිවාදය සහ ආගම්වාදය පිලිබඳ කතාකරනවා මිස ඔවුන්ගෙන් රටට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීය.
‘‘අපේ රජය ගතවූ වසර හතර තුළ රටේ විශාල සංවර්දන වැඩපිළිවෙළක් ගෙන ගියා. ජනතාවගේ යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවය, ගම්වල පාරවල් හදන්න විශාල මුදලක් වෙන් කළා. මේ අවුරුද්දේත් ගම්පෙරලිය වැඩසටහන මගින් එක ආසනයකට මිලියන තුන්සීක් වෙන් කරලා විශාල වැඩපිලිවලක් කර ගෙන යනවා.
අපේ රජය යටතේ පසුගිය වසර හතරහමාර තුළ මේ රටේ සංවර්ධනය, දියුණුව, දේශපාලන ප‍්‍රතිසංස්කරණ, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරමින් ආපු ගමනක් අපි දැක්කා. ඔක්තෝබර් මාසයේ සිදුවූ ඒ කුමන්ත‍්‍රණයත් එක්ක යම් ප‍්‍රමාණයකින් පස්සට යන්න අපිට සිදුවුණා. මේ තත්වය නිවැරදි කරමින් අපි ආපු ගමන පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් එක්ක නැවත ආපස්සට හැරිලා තියෙනවා.
ඒ ගමන ආපස්සට හරවන්න මේ බෝම්බය පිපිරෙනකම් බලාගෙන හිටපු පිරිසක් අද රටේ ඉන්නවා. ඒ අය මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිකං අවුරුද්ද සමරනවා වගේ සමරනවා. මේ රටේ අහිංසක ජනතාවගේ මලමිනී උඩින් ගිහින් තමන්ගෙන් ගිලිහුනු බලය යලි ලබා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙලා සිටිනවා.
අද ඔවුන් සංවර්ධනය පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථිකය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාතිවාදය ආයුධයක් කරගෙන දඟලනවා.
ජාතිවාදය මගින් බලයට ඒමට අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන නායකයො කටයුතු කරනවා. ඒ සදහා ඔවුන් ඉතාම ගෝත‍්‍රක විදියට මේ රටේ ජනතාව අතර සැකය වෛරය අවුස්සන්න කටයුතු කරගෙන යනවා. ඔවුන් පහුගිය කාලයේ උතුරේ ආවා කල්ලිය හැදුනම ඒක ලොකූ බිල්ලෙක් මවලා නැවත එල්.ටී. ටී. ඊ සංවිධානය බිහිවුණා කියලා ජනතාව අතර කාවද්දන්න විශාල උත්සාහයක් දැරුවා.
දවසගානේ මේ රටේ ජනතාව අතර සැකය, වෛරය, අවිශ්වාසය ඇතිකරන සඨන්පාඨ නිතරම ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල ඔවුන් කතා කරනවා. එක්කො ඇවිත් දොස්තර සාෆි ගැන කියනවා, එක්කො ඇවිත් ජනගහනය ගැන කියනවා. එහෙම කියලා අපිව බෙදලා වෙන්කරලා අපි එකෙනිකා අතර සැකයෙන් බලන මානසිකත්වයක් මේ රටේ ඇති කරන්න අද ඒකාබද්ද විපක්ෂය උත්සාහ කරනවා.
මේ ඇතිවූ ත‍්‍රස්තවාදී උවදුර අද වනවිට මුළුමනින්ම විනාශ කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන අපි ආරක්ෂක අංශ වලට ස්තූතිවන්ත විය යුතුයි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂකයා සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්රිකයන් ලෙස ක්‍රියා කරනවා’