IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බෝම්බ ප්‍රහාර හමුවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න රජයට හැකිවුණා’

(නිමල කොඩිතුවක්කු)

දේශපාලන කුමණ්ත‍්‍රණ සහ බෝම්බ  ප‍්‍රහාර හමුවේ රුපියල ශක්තිමත් කරමින් දැවැන්ත ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට වත්මන් රජයට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි  මහතා පැවැසීය.

නවතම මහ බැංකු වාර්තා  අනුව  ඇමෙරිකානු ඩොලරයට  සාපේක්ෂව රුපියලේ අගය 3.4 % අති ප‍්‍රමාණය වීම සහ  ලෝන්ලි ප්ලැනට් සඟරාවට අනුව  හොඳම සංචාරක  ගමනාන්තය බවට තවමත් අපේ රට  නම් කර තිබීමෙන්ම  පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටක් ලෙස  සාර්ථකව ක‍්‍රියාත්මක වී ඇති බව තහවුරු වී ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි  මහතා මෙසේද කීය.

 ‘‘2015 දී ජනාධිපතිවරණයෙන් සහ  මහමැතිවරණයෙන් පසුව අපේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පසු  විශාල බලාපොරොත්තුවක් ඇතිව රට වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක්  ක‍්‍රියාත්මතක කිරීමට අපි සැලසුම් කළා.  මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වීමත් සමඟ කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා වෙනස් වුණා.

ජනාධිපතිවරයා විසින්  ජනතාව ප‍්‍රතික්ෂේප කළ පිරිස් කැබිනට් ඇමැතිවරුන් ලෙස පත් කළාට පස්සේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ බළල් අතක් ලෙස පාවිච්චි වෙමින් ජනාධිපතිවරයාගේ පිටිපස්සේ ඉඳන් එතුමාගේ කකුලෙන් ඇද්දා.

මහින්ද රාජපක්ෂ  මහතාගේ උපදෙස් මත  මේ බංකොලොත් කණ්ඩායම  මෛත‍්‍රීපාල  සිරිසේන මහතාට යළි මේ රටේ ජනාධිපතිවරයා වීමට තිබු අවස්ථාව නැතිකළා.  ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය  සමඟ භේද භින්න කරලා මේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න ඒ අය එදා ඉදලා සැලසුම් කළා.  ජනාධිපතිවරයා මේ උගුලට අහුවුණා.  ඒකෙන්  රටට විශාල හානියක් වුණා.

මේ කුමණ්ත‍්‍රණය පුපුරා ගියේ  පස්ස දොරෙන් යළිත් මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමත් සමඟයි. මේ සියලු කුමණ්ත‍්‍රණ පරාජයට පත්කරමින්  එක්සත් ජාතික පක්ෂය රට ඉදිරියට ගෙන ගියා. කුමණ්ත‍්‍රණවලින් පසු අපිට  පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මුහුණ දෙන්න වුණා.

මේ සියලු කුමන්ත‍්‍රණ  අභියෝග හමුවේ රජය ගමට දෙන සංවර්ධන කටයුතු කිසි දෙයක් අඩු කළේ නැහැ. ආර්ථිකය, සංවර්ධනය ඉදිරියට ගෙන යමින් රජයක් ලෙස අපි  දැඩි ස්ථාවරයක  ප‍්‍රතිපත්තිගරුකව ඉදිරියට ගෙන ගියා.

මහ බැංකුව විසින් ජුනි 21 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ඇමෙරිකානු ඩොලරයට  සාපේක්ෂව රුපියලේ අගය 3.4% කින් අති ප‍්‍රමාණය වෙලා තියෙනවා. මෙතෙක් කල් රුපියල අවප‍්‍රමාණය වුණා.  ඒ වගේම  2018 වසර  අවසන් වෙන කර සෘජු විදේශ ආයෝජකයින්ගේ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. මේ සියලු  දේ අරන බලපුවහම රට ආර්ථික සංවර්ධනය අතින් විශාල පිම්මක් ඉදිරියට ඇවිත් තියෙනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.

ඡායාරූප : ඉෂාන් සංජීව



අදහස් (0)

‘බෝම්බ ප්‍රහාර හමුවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න රජයට හැකිවුණා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site