IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘කැබිනට් රැස්වීම නොපැවැත්වීම ගැන ජනපතිගෙන් විමසනවා’

(නිමල කොඩිතුවක්කු)
 
කැබිනට් රැස්වීම් නොපැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු විමසීමට අපේක්ෂා කරන බව  කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කොළඹදී  පැවසීය.
 
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික, සංවර්ධන කටයුතු වෙනදටත් වඩා වේගයෙන් සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා  ඒ පිළිබඳ විපක්ෂය නගන චෝදනා අද වනවිට පුස්සක් බවට පත්ව ඇතැයිද සඳහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙසේ ද කීවේය. 
 
 ‘‘දැන් කැබිනට් මණ්ඩලය රැස්වෙලා නැහැ, රජයේ කටයුතු සිදුවන්නේ නැහැ  කියලා විවිධ කතා පැතිරෙමින් තිබෙනවා.  කැබිනට් මණ්ඩලය  රැස්වෙලා  නැත්තේ එක සතියක් පමණයි. ඊළඟ සතිය  ගැන තාම දන්නේ නැහැ. මාස ගණන් අවුරුදු ගණන් රැස් නොවී තිබුණේ නැහැ. මෙයට  පෙරත් කැබිනට් මණ්ඩලය සතියක් දෙකක් රැස් වෙච්ච නැති අවස්ථා තිබෙනවා.  ජනාධිපතිවරයා ලංකාවට ආවට පස්සේ  අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ අනුව ඊළඟ  සතියේ ඉඳන් කැබිනට් රැස්වීම කැඳවීමට හැකිවෙතැයි කියා  මා විශ්වාස කරවනවා. 

අපි මේ වනවිට රටේ දියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධන  කටයුතු රාශියක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. මා යටතේ ඇති කෘෂිකර්ම, වාරිමාර්ග සහ ධීවර ක්ෂේත‍්‍ර නගා සිටුවීමට මේ වනවිට විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරගෙන යනවා. වෙන කිසිදු රජයකටත් වඩා අපේ රජය මේ ක්ෂේත‍්‍ර දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
දැන් ජනාධිපතියි, අගමැතියි  දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.  මේ නිසා රටේ වැඩපිළිවෙළ ඇණ හිට ඇති බවටත් විවිධ අය චෝදනා නගනවා. එහෙම දෙයක් නැහැ. අගමැතිතුමයි ජනාධිපතිතුමයි පළවෙනි වතාවට නෙමෙයි රටින් පිටවෙලා ඉන්නේ. මීට කලිනුත්  ඒ විදියට පිටවෙච්ච අවස්ථා තිබිලා තියෙනවා.
 
ඒ කටයුතු ආවරණය වන පරිදි අවශ්‍ය පතිකිරීම් කරලයි ඔවුන් ගියේ. අදාළ මැති ඇමතිවරුන් ඒ කටයුතු ආවරණය කරනවා. මෙයට අමතරව   ජනාධිපති ලේකම්, අගමැති ලේකම් ඇතුළු ඒ නිලධාරීන්ට පරිපාලන තීන්දු තීරණ ගන්න බලය පැවරිලා තියෙනවා. මේ නිසා කිසිම ගැටලූවක් නැහැ.
 
ඉවත්වුණු මුස්ලිම් ඇමතිවරුන් වෙනුවට වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කඹ ඇදිල්ලක් තියෙනවා කියලා වාර්තා වුණා. මේක ව්‍යවස්ථානුකූල ප‍්‍රශ්නයක්. ජනාධිපතිවරයාත්  මේ ගැන වැඩිය හිතන්නේ නැතිව ඇති කියලා අපි විශ්වාස කරනවා.
 
මේ ඉල්ලා අස් වූ  මැති ඇමතිවරුන්ට එල්ල වෙලා තියෙන  පැමිණිලි හා චෝදනා මාසයක් ඇතුළත විමසලා අවසන් කරන්න තමයි තීන්දු කරලා  තියෙන්නේ. ඒ සඳහා තව බොහොම  කෙටි කාලයක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳවත් අනාගතයේදී ජනාදිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිවැරදි කරාවි’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

‘කැබිනට් රැස්වීම නොපැවැත්වීම ගැන ජනපතිගෙන් විමසනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site