IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘පාස්කුදා ප්‍රහාරය වෙනත් පිරිසකගේ කරමත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා’

(විනීතා එම් ගමගේ)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද සොයා බැලීම සදහා පත්කරන ලද තේරීම් කාරක සභාව පත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඔවුනට එන චෝදනා වෙනත් පිරිසකගේ කර මත පටවා බදියුදීන්ට එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාවෙන් ද නිදොස් කොට නිදහස් කරන්නට මඟක් පාදා ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කළේය. 
 
මේ තරම් පැමිණිලි රැසක් එද්දී ඒවා සටහන් කර ගැනීමේ නිසි ක‍්‍රමවේදයක් පවා ආණ්ඩුව සකසා නැතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය. 
 
මෙම තේරීම් කාරක සභාව කතානායකවරයා විසින් පත් කරන ලද එකක් බැවින් එය ස්ථාවර නියෝග යටතේ ක‍්‍රියාත්මක වන බවත් එහෙත් එම සාක්ෂි හෝ වාර්තාවන් සාක්ෂි ලෙස අධිකරණය ඉදිරියේ භාවිත කළ නොහැකි බවත් හෙතෙම සදහන් කළේය.
 
සාමාන්‍යයෙන් සියලූ තේරීම් කාරක සභා මාධ්‍යට විවෘත නොකරන බව සිහිපත් කළ පේ‍්‍රමජයන්ත මහතා මෙම තේරීම් කාරක සභාව ද විවෘත එකක කළ යුතු නැතැයි කීය.
 
මෙම තේරීම් කාරක සභාවට ආණ්ඩුවගෙන ආ සංශෝධනවලට විපක්ෂය විරුද්ධ වූ බව කී මන්ත‍්‍රීවරයා මුල් අරමුණුවලින් බැහැර වී යන බව පෙනී ගිය බැවින් විපක්ෂය එය වර්ජනය කළ බව ද කියා සිටියේය. 
 
එකී කමිටුව නියෝජනය කරන්නට තමන් සිටියේ නම් රාජ්‍ය බුද්ධි අංශවල සාක්ෂි මාධ්‍යයට විවෘත නොකරන බවත් වෙනතක් තබා රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා තමන් දුටුවේ එම සාක්ෂිවලින් බවත් ඔහු තවදුරටත් සදහන් කළේය. 
 
අධිකරණය ඉදිරියේ චූදිතයකු වූ අයෙකු මේ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙක් වී සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න අසනු ද ඔහු පුවත්පත් කියැවීමෙන් ඉගෙන ගත් බව කියනු ද මාධ්‍ය තුළින් දුටු බව හෙතෙම කියා සිටියේය. 
 
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට කලූතර දී හූ සංග‍්‍රහයක් ලැබුණු බව කී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කරන්නට ඇති දේ වෙනුවට වෙනත් දේ කරමින් යන මේ ආණ්ඩුකාරයින්ට විරුද්ධව නීතිමය පියවර ගත හැකි යැයි ද පැවසීය. 
 
අගමැතිවරයා අම්පාරේදී හදිසිනීතිය ඉවත් කරන්නට පෙර අලුත් නීති ගෙන එන්නට අවශ්‍ය යැයි කියා ඇතැයි ද නමුත් තිබෙන නීති ඉතා ප‍්‍රමාණවත් යැයි ද මේ හදන්නේ මානව හිමිකම් කොමිසමේ 30 12 වන වගන්තිය ක‍්‍රියාත්මක කරන්නට වූ පොරොන්දු ඉටු කරන්නට යැයි ද හෙතෙම කියා සිටියේය. 
 
සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
එහි දී මාධ්‍ය ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ ඉතිහාසයේ  කිසිදිනක බුද්ධි අංශ මෙසේ විවෘත කර නිර්දය ලෙස විවේචනය කර නැති බවයි. 
 
සහරාන්ගේ කල්ලිය අවසන් කළේ යැයි කියන නමුත් අන්තවාදී ආගමික කල්ලියක් එසේ අවසන් කරන්නට පුළුවන් කමක් නැතැයි ද හෙතෙම සදහන් කළේය. 
 
මුහුදු මහා විහාරයට යන මාවත අරාබි නමකින් අරාබි අක්ෂරවලින් නම් කර ඇති බව වාර්තා වූ බවත් ලෝකයේ කොතැනකවත් එවැනි දෙයක් එනම් රටේ නිල භාෂා හැර වෙනත් භාෂාවලින් මාවත් නම් කර නැති බවත් යාපා මහතා පැවසීය. 
 
ජාතික ආරක්ෂාව හුදකලා කරන ස්වරූපයක් පවතින්නේ යැයි පැවසූ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 12.5 ක තිබුණු සීමාව 5ක් දක්වා අඩු කිරීමට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ගත් තීරණය නිසා මෙවැනි විකෘතියක් ඇති වී යැයි ද ප‍්‍රකාශ කළේය.
 
1994 සිට බලද්දී 2010 හැර අනෙක් සෑම මැතිවරණයක දීම පාර්ලිමේන්තුවේ 113 ක් ගන්නට බැරි වූයේ මෙම විකෘතිතාව නිසා යැයි ද  යාපා මහතා පැවසුවේය. 
 
රටම වෙන්දේසි පොලක් වී ඇති අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට  ඕනැ විදියට සියල්ල තීරණය වන බවත් රටක් පාලනය කළ යුත්තේ හොද පිරිමියෙක් හෝ ශක්තිමත් ගැහැණියක් බවත් එවැන්නන් අතීතයේ රට පාලනය කර ඇති බවත් සදහන් කළේය. 
 
කුරුණෑගල සිද්ධිය පිළිබදව සිංහල කතුන් පැමිණිලි කරද්දීත් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිම දෙයක් වී නැතැයි කියන්නේ කවර පදනමකින් දැයි පාලකයන් රට පාලනය කරනු වෙනුවට බලය රැක ගැනීමට කටයුතු කරන්නේ යැයි ද චෝදනා කළේය.
 
පාර්ලිමේන්තුවේ සිටින අධිකරණ නියෝගයකින් එළියට දැමූ එකම තැනැත්තා වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා බවත් එසේ එළියට වැටී සිටි ඔහු ජාතික ලැයිස්තුවෙන් යලි ඇතුළට ගත්තේ අගමැතිවරයා විසින් බවත් ඔහු කියා සිටියේය.
 
යළිත් අගමැති පදවියට පත්වු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුලින්ම ප‍්‍රකාශ කරන ලද්දේ ජාතික ආරක්ෂාව අංක එක බව යැයි කී ඒ මහතා අපේ ආණ්ඩුවේ මුලිකත්වය ආණ්ඩුව රැක ගැනීම බවත් නායකයින් හා නායකයින් නොවන අය අතර වෙනස වන්නේ එය යැයි ද ප‍්‍රකාශ කළේය. 
ඡායාරූප     චතුර එස් .කොඩිකාර 
 



අදහස් (0)

‘පාස්කුදා ප්‍රහාරය වෙනත් පිරිසකගේ කරමත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මාධ්‍ය හමුව

මත්තලින් රට රැකියාවලට යන අයට වට්ටම්
2020 සැප්තැම්බර් මස 17 468 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර


සමගි ජන බලවේගයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතිඅන්තයේදී
2020 සැප්තැම්බර් මස 16 516 0

පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘
2020 සැප්තැම්බර් මස 15 337 0

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට


’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’
2020 සැප්තැම්බර් මස 03 1475 7

විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’
2020 අගෝස්තු මස 24 363 0

තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි
2020 අගෝස්තු මස 23 273 0

සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site