IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එජාපයට ජයග්‍රහණය කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍යයි

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස කිහිපයක් බැවින් එක්සත් ජාතික පක්‍ෂට නව නායකත්වයක්, නව ජනාධිපති අපේක්‍ෂකත්වයක් තෝරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්ථිරවම ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කී අජිත් පී පෙරේරා මහතා ජයග‍්‍රහණය කළ හැකි නායකයින් කිහිප දෙනෙකුම එක්සත් ජාතික පක්‍ෂයේ සිටින බව ද කීවේය.

වත්මන් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයටත්, රටටත් විශාල සේවයක් කර ඇතැයි ද කී අමාත්‍යවරයා නමුත් වර්තමානයේ ජනතා අපේක්‍ෂාව අලූත් පරම්පරාවේ නායකයෙක් බව ද කීවේය.

අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

‘‘අපේ පක්‍ෂයට අලූත් නායකයෙක් අවශ්‍යයි. අපි ඒ ගැන පක්‍ෂ අභ්‍යන්තරය තුළ මෙන්ම පොදුවේත් සාකච්ඡා කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වසර 25ක් මේ පක්‍ෂයේ නායකත්වය දරමින් රටටත්, පක්‍ෂයටත් විශාල සේවයක් කර තිබෙනවා. නමුත් දැන් පක්‍ෂ සාමාජිකයින් මෙන්ම අපත් සිතන්නේ අපට නැවුම් නායකයෙක් අවශ්‍ය බවයි.

අපේ පක්‍ෂයේ තීරණ ගන්නා ස්ථාන කිහිපයක් තිබෙනවා. පාර්ලිමේන්තු කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන්ම මිලියන ගණනක් වූ අපේ සාමාජික ජාලය තුළත් මේ සාකච්ඡාව තිබෙනවා. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණයක් එන නිසා ස්ථිරවම දිනීමේ හැකියාව ඇති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි. මේ අවස්ථාව නව නායකත්වය හා ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට සුදුසුම අවස්ථාවයි. ඒ වගේම ඒ නායකයාගේ හා පක්‍ෂයේ ප‍්‍රතිපත්ති ගැනත් සළකා බැලිය යුතුයි.

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයින් කිහිප දෙනෙකු අපේ පක්‍ෂයේ ඉන්නවා. ඒ අතරින් හොඳම කෙනා තෝරාගත යුතුයි. මටත් පෞද්ගලික මතයක් තිබෙනවා. ඒ මතය ජයග‍්‍රහණය නොකරන්න පුළුවන්. නමුත් මේ ගැන සාකච්ඡා කර පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත අනුව තෝරාගන්නා නායකයා සමඟ අප කටයුතු කළ යුතුයි.’’



අදහස් (0)

එජාපයට ජයග්‍රහණය කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site