IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අසත්‍ය ප්‍රචාර පැතිර වූ කටාන පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)
 
පාසල්වල අනාරක්ෂිත තත්ත්වයක් නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසද්දීත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියැයි  පාසල්වලට ගොස් පැවසීමෙන් ප‍්‍රදේශය පුරා නොසන්සුන් වාතාවරණයක් ඇතිකළ කටාන පොලිසියේ නිලධාරීන් ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාට අද (30) ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේය.   
 
අද පෙරවරුවේ කොන්දගම්මුල්ල රෝමානු කතෝලික විදුහලට හා දෙමංහන්දිය මිරිස්වත්ත ප‍්‍රාථමික විදුහලට ගිය කටාන පොලීසියේ නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ අනාරක්ෂිත තත්වයක් පිළිබඳව දැනුම්දී තිබූ අතර, එම දැනුම්දීම මීගමුව හා මිනුවන්ගොඩ ප‍්‍රදේශ පුරා පැතිර ගොස් තිබුණි. 
 
මේ හේතුවෙන් දෙමාපියන් මිනුවන්ගොඩ දාගොන්න විදුහල, කොන්දගම්මුල්ල රෝමානු කතෝලික විදුහල, දෙමංහන්දිය මිරිස්වත්ත ප‍්‍රාථමික විදුහල යන පාසල්වල සිසුන්ව රැගෙනයාමට පැමිණි අතර, ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. එම පාසල්වල කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වූ බවත් මේ තත්ත්වය යටතේ දරුවන් දෙමව්පියන්ට භාර දීමට විදුහල්පතිවරුනට සිදුවූ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
 
අනාරක්ෂිත තත්වයක් සම්බන්ධයෙන් පැතිර යන ආරංචිවල සත්‍යයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසූවද කටාන පොලීසියේ නිලධාරීන් විසින් එවැනි තත්වයක් පිළිබඳ පාසල්වලට දැනුම්දීම බරපතල ගැටලූවක් බවත්, මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, දෙමාපියන් සහ දරුවන් බියපත් කරවන මෙවැනි අසත්‍ය ප‍්‍රචාර වැළැක්වීමට  පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ද ස්ටාලින් මහතා කීය.  



අදහස් (0)

අසත්‍ය ප්‍රචාර පැතිර වූ කටාන පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site