IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වගකීම් විරහිත දේශපාලනඥයින්ට රතනහිමි ආදර්ශයක්

(නිමල කොඩිතුවක්කු)

සංහිදියාව මුවාවෙන් තම වගකීම් මග අරින දේශපාලනඥයන්ට අතුරලියේ රතන හිමියෝ හොද ආදර්ශයක් බව කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපල අමරකිත්ති හිමියෝ කොළඹදී අද(02) පැවැසූහ.

රට දැය පිළිබඳ නොසිතා දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා  මුස්ලිම් ඡන්ද අපේක්ෂාවෙන් කටයුතු කරන දේශපාලඥයන් ඉදිරි මැතිවරණ වලදී ප‍්‍රතික්ෂේප කරන ලෙසත්  උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලිමක් කළහ.

රාජගිරිය ජයසේකරාරාමයේදී භික්ෂූන් වහන්සේ පිරිසක් කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපල අමරකිත්ති හිමියෝ මෙසේද කීහ.

    ‘‘භික්ෂූන් වහන්සේ විදියට අපිට බනක් භාවනාවක් කරගෙන ආගමික කටයුත්තක් කරගෙන තිබුනු වාතාවරණය දැන් අවසන් වෙලා තියෙනවා. ඒක අවසන් කලේ  මේ රටේ ඉන්න පාලකයන්. පාලකයන් පිස්සු නටන කොට අපිට  පන්සල් වලට වෙලා නිකං ඉන්න පුලවන් කමක් නැහැ. සාධාරණය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් අපට කතා කරන්න වෙනවා.

මේ වනවිට  ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය  කුඩා ළමයින් පවා දන්නවා. මේ ආණ්ඩුව ආරම්භ  කළේ සංහිදියව ඇති කරන්න කියලා. දැන් ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරුන්, රිසාද් බදියුදීන් අමාත්‍යවරයා  ඒ සංහි`දියා ගමනට සම්පූරනයෙන්ම පටහැනි ගමනක යනවා.

ඉස්ලාම් අන්තවාදින්ට අවශ්‍ය කරලා තියෙනවා සිංහලේ ජනගහනය අඩු කරන්න. මේ සදහා ඔවුන් ක‍්‍රියාමාර්ග කිහිපයක්ම අනුගමනය කරනවා.වද සැත්කම් කළ සාෆි වෛද්‍යවරයා පිලිබද කරුණු හෙලිවුනේ ජාතියේ භාග්‍යයකටයි.  මෙච්චර කල් මේවා කලේ රහසිගතවයි.  මේ වගේ වෛද්‍යවරුන් තව කී දෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ.

සිංහළ  පමනක් නෙමෙයි දෙමළ ජනතාවටත් අද විශාල අනතුරක් තියෙනවා.  ඒ නිසා ඒකට එරෙහිව  හැබෑ සංහිදියාවක්  ඇති කිරීම පිනිස  අතුරලියේ රතන හිමියෝ මේ උපවාසය ආරම්භ කරලා තියෙනවා. උන්වහන්සේ  ආරම්භ කරලා තියෙන මාරාන්තික උපවාසය උන්වහන්සේගේ  පෞද්ගලික වුවමනාවක්  සදහා ආරම්භ කළ දෙයක් නොවෙයි. සංහිදියාවට  කැමතිම ඒ සංකල්පය සමාජ ගත කළ අය අද නිදු‍්‍රාශීලිව ඉන්නවා. 

රතන හිමිගේ තවත් ඉල්ලිමක් වන්නේ  මේ වදබාවයට පත්වු මව්වරුන්ට  රජයෙන් වන්දියක් ගෙවිය යුතුයි කියළා. දැනට  එවැනි මව්වරුන් 400ක් විතර වාර්තා වෙලා තියෙනවා. සංහි`දියාව බලාපොරොත්තු වෙනවනම් එවැනි මව්වරුන් හොයලා හැම අම්ම කෙනෙකුටම රුපියල් කෝටියක වන්දියක් ගෙවන්න කියලා මහා සංඝරත්නය විදියට අපි රජයට කියනවා. 

එම මුදලින් බාගයක් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අය කල යුතුයි. රිසාද් බදියුදීන්,  හිස්බුල්ලා, අසාත් සාලි යන අයගෙන් මේ මුදල් අයකර ගත යුතුයි.

මේ මව්වරුන් වද බාවයට පත් කරලා  අපිට ලොකු පාඩුවක් වුනා. අද පැවදි කරන්න දරුවො නැහැ. මේ අන්තවාදීන්ගේ  අදහස සම්බුද්ධ ශාසනයත් නිමාවට පත් කිරීමයි.  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  නමවෙනි  වගන්තියක් ගැන පාලකයන් අණ බෙර ගගහ ඉන්නවා. නමුත් කරන දෙයක් නැහැ.
රටට, ජාතියට, ශාසනයට  බරපතල හානියක් සිදුවන අවස්තාවේ ආණ්ඩුවට කිසි ගානක් නැහැ. මේ ආණ්ඩුවෙන්  රැුකවරනය හිමිවන්නේ ඉසලාම්  අන්තවාදවයටයි. අද  අපි අනාරාක්ෂිත තත්වයට පත්ව තිබෙනවා.
මේ වගේ බරපතල කාරනා නිරවුල් කර ගැනීම සදහා තමයි රතන හිමියෝ මේ උපවාසය ආරම්භ කරලා තියෙන්නේ.  ඒ නිසා මේක නොනවතින ගින්නක් බවට පතත්වේවි. දැනටමත්  මහනුවර ඇතුලූ ප‍්‍රදේශ ගණණාවක කඩ සාප්පු වහන්න තීරණය කරලා තියෙනවා.
මේ වෙලාවේ  සංහිදියාව සම්පූර්ණයෙන්ම  කනපිට ගැහිලා තියෙන්නේ. ජනපතිට, අගමැතිට  ඕනනම් සංහිදියාවක් ඇති කරන්න  තමන්ගේ සිත්තුළ තියෙන බාල බොළද අපේක්ෂාවන් පැත්තකින් තැබිය යුතුයි.  අපේ දැනීමේ හිටියට මේ පාලකයන් ඡන්දයක් බලාගෙන  තමයි මේ ත‍්‍රස්තවාදීන්ට රැකවරණය සලසනවා කියන්නේ.
දැනටමත් ජනතාව තීරණය කරලා ඉවරයි මලූ පාර්ලිමේන්තුවේ  ඉන්න 225ම දොට්ට දාන්න. ඒ තරම්ම කලකිරීමක ඉන්නවා. හොදයි නේද  සංහිදියාව කරලා තියෙන දේ කියලා අපි අහනවා. අපි ජනාධිපතිට  අගමැතිට කරුණාවෙන් මතක් කරනවා. මේ රට ඒ දෙන්නගේ රට  නෙමෙයි මේක සිංහල බෞද්ධයාගේ රට කියළා. ඒ නිසා  මුස්ලිම් ජනතාවගේ ඡුන්දය බලාගෙන  තක්කඩි කම් කරනවනම් නීතිය  අවනීතිය කරනවනම් ඒ අයට එක ඡන්දයක්වත් දෙන්න එපා කියලා මහා සංඝ රත්නය විදියට අපි ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදි පැවැසූහ.



අදහස් (0)

වගකීම් විරහිත දේශපාලනඥයින්ට රතනහිමි ආදර්ශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 754 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site