IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තල් සංවර්ධන අරමුදල අරඹයි

(අංජුල මහික වීරරත්න)

රජය රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කර අවසන් කිරීම ප්‍රමුඛ කාර්යය විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ උතුරු නැගෙනහිර සංවර්ධන කාර්යයන් වේගවත් කිරීම සඳහා තල් සංවර්ධන අරමුදල ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

මෙම අරමුදල යටතේ උතුරු නැනෙහිර යටිතල පහසුකම් දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු වේගවත්ව සිදු කිරීමට සැලසුම් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

    ‘‘උතුරු නැගෙනහිර යුද්ධයෙන් විනාශ  වූ ප්‍රදේශ දියුණු කිරීම සඳහා අපි  මෙම අරමුදල ආරම්භ කළා. එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන්කර දෙන්න යැයි විශේෂයෙන් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව එම ප්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යතුමා අයවැය මගින් මෙම අරමුදලට මුදල් වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල මන්ත්‍රීතුමන්ලා සංවර්ධනය සඳහා වන තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන විට ඒවාට අනුව මුදල් ලබාදීමට මේ අරමුදල හරහා අපට හැකියාව ලැබෙනවා.

මෙම අරමුදලට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ගම්පෙරළිය වැඩසටහන යටතේ රුපියල් බිලියන 7ක් අපි ලබා දෙනවා.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවිර, දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්ධන්, ආර්ථික ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස් අඩෙක්කලනාදන්,  ඩී. ශ්‍රීධරන්,  ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති යන මහත්ම මහත්මීහු ඇතුළු දේශපාලන නියෝජිතවරු  සහ රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ. 



අදහස් (0)

තල් සංවර්ධන අරමුදල අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site