(නිමල කොඩිතුවක්කු)
සූර්යබල සංග‍්‍රාමය යටතේ විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනය කළ බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලංකා සූර්යබල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සූර්ය විදුලිබල ක්ෂේත‍්‍රයේ ගාස්තු ක‍්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට නෙට් ප්ලස් ක‍්‍රමවේදය පමණක් ක‍්‍රියාත්මක කිරීමට ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා කිලෝ වොට් 50ට අඩු ධාරිතාවන් සඳහා වසර 20ක කාලය තුළ විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රුපියල් 19.75 දක්වා සංශෝධනය කර ඇති බවද පැවැසීය.
එමෙන්ම කිලෝ වොට් 50 සිට 1000 දක්වා විදුලිය මිලදීගැනීමේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 18.75 ක් ද, කිලෝ වොට් 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රුපියල් 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයතු කරන බවත් ඔහු එහිදී පැවැසීය.
මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනයක්
Raveendra Wednesday, 05 June 2019 10:12 AM
ශත පහකට විස්වාසයක් කිරීමට නොහැකි මෙවන් අය සත්‍ය වශයෙන්ම දෙයක් මිනිසුන් වෙනුවෙන් කරත් මහජනතාවට තිබෙන්නේ මහා පිළිකුලක් මේ හිගන්නන් කෙරෙහි. ඒ තරමට මොවුන් හොරා කෑම පිලිබදව පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව අහිංසක මිනිසුන් හොදින් දන්නවා.
Raveendra Wednesday, 05 June 2019 10:50 AM
රවියා කියන්නේ ග්‍රහලොව හොද වැඩ කාරයෙකි..// මෙයා හොරකමටම කප් පිට කප් ගැසුවනේ..// තනතුරු දුන්නු නායකයෝ ඒ බව නොදන්නේද ..// කාවද මේ රවටන්නේ මේ පොල් බුරුවන් ටික..//