IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය වේගවත් කරලා’

(නාලක සංජීව දහනායක)

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඉදිරි දින 90 කාලය ඇතුළතදී රාජ්‍ය ආයතන විකුණාදමා, ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය කිරීම වේගවත් කර තිබෙන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අද (3) පැවැසීය.

එබැවින් ඉදිරි දින 90 කාලය තුළ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයකින් පසුවිය යුතු යැයි ද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් මරණ තර්ජන එල්ලවී තිබෙන බවට බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්නම් ඒ සියලුම තොරතුරු ජනාධිපතිවරයා විසින් වහාම රටට හෙළි කළ යුතු බව අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා කීය.

මේ වනවිට ජනාධිපතිවරයා හා අගමැතිවරයා බරපතළ ලෙස ගැටුම් ඇතිව තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය මධ්‍ය හමු පවත්වමින් එකිනෙකාව විවේචනය කරමින් සිටින බවද කීය.

මරණීය දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් විපක්‍ෂය කුමක් කීවද අගමැතිවරයා එයට විරුද්ධවීම ප‍්‍රශ්නයක් යැයි කී අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබදව බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇත්නම් එය ඉතාම භයානක තත්ත්වයක් යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (3) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය වේගවත් කරලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site