ඉඹුල්ගොඩ වීරයාගේ පිළිරුවක් විවෘත කෙරෙයි වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ’’ඉඹුල්ගොඩ වීරයා ’’ නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුවක්, එතුමාගේ 100 වෙනි ඡන්ම දිනයට සමගාමීව ගම්පහ ඉඹුල්ගොඩ මංසන්දියේදී අද (9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් නිරාවරණය කෙරිණි. 09 June 2018
ප්‍රපාතයකින් වැටී සිසුවකු බරපතල තුවාල ලබයි හල්දුම්මුල්ල බෙරගල මංසන්ධියේදී ඊයේ රාත්‍රී 9ට පමණ අධ්‍යාපන චාරිකාවක යෙදී සිටි බලන්ගොඩ ප්‍රධාන විදුහලක පාසල් සිසුවකු අනාරක්ෂිත ස්ථානයකින් අඩි 40ක පමණ ප්‍රපාතයකට වැටී බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරුකළ බව හපුතලේ පොලීසිය කියයි. 09 June 2018
සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මිට මද ලොවකට පෙර අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුව විසින් අතඅඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 June 2018
වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්රයෙන් මුහුදට බිලිවෙමින් පවතී. 09 June 2018
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය. 09 June 2018
කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 08 June 2018
සාම දර්ශකයෙන් ලංකාව ඉදිරියට ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. 08 June 2018
භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ. 08 June 2018
පකිස්තාන් හිටපු ජනපතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක් පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇත. 08 June 2018
‘අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන් විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතයි විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (8) හාලිඇලදී පැවසීය. 08 June 2018
කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි කඩුවෙල බෝමිරියේ පිහිටි රාජ්‍ය බැංකුවට අද (8) පෙරවරුවේ කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙන්වා ලාච්චුවේ තිබු රුපියල් 1,27,700 ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව නවගමුව පොලිසිය කියයි. 08 June 2018
‘නවකවදය නැවැත්වීමට දැඩි නීති ගෙනවා’- විජයදාස මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2018
සුජීව ඉල්ලා අස්වෙන්න සූදානම්ලු මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. 08 June 2018
සයිටම් නීතිගත කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුහු වීදි බසිති අහෝසි කිරිමට නියම වු සයිටම් ආයතනය රජය විසින් නිතිගත කිරිම යැමට විරුද්ධව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුහු අද (08) ගලහ මංසන්දියේදි විරෝධතාවයක නියලුණහ. 08 June 2018
වසර එකහමාරට චීන ජාතිකයන් 76ක් පිටුවහල් කරලා 2017 වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයන් 154 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇතැයි ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 08 June 2018
කනපති කුලඳවේල් නෝර්වුඩ් ප්‍රා. සභාවේ සභාපති පුටුවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කනපති කුලඳවේල් රවී මහතා පත්කර තිබේ. 08 June 2018
සයිටම් සිසුන් 980 ක් කොතලාවලට මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ. 08 June 2018
‘පලතුරු වලින් සියයට අසුවක් විදේශයෙන් ගෙන්වනවා’ - අමරවීර දේශීය වශයෙන් පරිභෝජනය කරනු ලබන පළතුරු වලින් සියයට 80%ක්ම පිටරටින් ගෙන්වනු ලබන ඒවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 08 June 2018
‘සරසවියේ මුල්‍ය වංචා ගැන චෝදනා ලැබුවෙක් එජාපයේ මන්ත්‍රීවරයකු වීම පුදුමයක්‘ ඔලුවිල් විශ්ව විද්‍යාලයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන අවභාවිත කිරීමේ චෝදනාවට ලක් වු ආචාර්යවරයෙක් එජාප නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය. 08 June 2018
‘ජනපති ලේකම් ලංකාවට පැමිණි විගස ටීඑන්එල් ගැටළුව සාකච්ඡා කරනවා‘ දැනට විදේශ ගතවී සිටින විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාවට පැමිණි විගස ටී.එන්.එල් රූපවාහිනි ආයතනයේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය. 08 June 2018
රුහුණු සරසවියේ පීඨ 5 ක් වසයි රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ පහක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට එම විශ්ව විද්‍යාල පරිපාලනය අද (8) පියවර ගත්තේය. 08 June 2018
නෙළුම් කුලුනෙන් වැටී තරුණයෙක් මරුට කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 08 June 2018
ප්ලාස්ටික් භාවිතය අවම කරීමට පියවරගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත් පරිසර දූෂණයට හේතුවන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන ඇති රටවල් පනහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ. 08 June 2018
ආචාර්ය ස්මයිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ආචාර්ය එස්.එම්.එම්.ස්මයිල් මහතා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතා ඉදිරිපිට දී අද (8) දිවුරුම් දුන්නේය. 08 June 2018
හේම නලින් අවසන් ගමන් යයි දක්ෂ වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම ප්‍රවීණ නිවේදකයකු වු අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (08) පෙරවරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. 08 June 2018
සභානායක මන්ත්‍රී වරප්‍රසාද ගැන කියා දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හමුදා ප්‍රධානියකු හමුවීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්නැයි යමෙකු පවසනවා නම් එය වැරදි යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2018
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා රිමාන්ඩ් බීමතින් කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය කොට්ටපිටිය ප්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යශෝධ රංගේබංඩාර ජුනි 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (8) නියෝග කළේය. 08 June 2018
රාජ්‍ය ආයතන නිලධාරීන් 10 කට පශ්චාත් උපාධි සඳහා කොරියාවෙන් ශිෂ්‍යත්ව විවිධ රාජ්‍ය ආයතනවලින් තෝරාගත් නිලධාරීන් දස දෙනකුට පශ්චාත් උපාධි (ශාස්ත්‍රපති/විද්‍යාපති) අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව දහයක් පිරිනැමීමට කොරියානු රජය තීරණය කර තිබේ. 08 June 2018
ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් කෝටි 85 ක් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියානු ඩොලර් 700,000ක මුදලක් (රුපියල් කෝටි 84.5කට) ආසන්න මුදලක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 08 June 2018
නොරොච්චෝලේ උද්ඝෝෂණය අවසන් නොරොච්චෝල පිවිසුම් මාර්ගය අවහිර කරමින් අද (8) පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරතව සිටි 500කට ආසන්න පිරිසක් පස්වරු 12.30 ට පමණ පිවිසුම් මාර්ගය විවෘත කරමින් විසිර ගියහ. 08 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026