වාහන ගෙන්වීමේ තීරු බදු සහන බලපත්‍රය වසර 5 කට වරක් රජයේ නිලධාරීන්ට රජයේ ඉහළ නිලධාරීන්ට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයට අදාල නීති ඉකුත් 8 වැනිදින සිට සංශෝධනය කර තිබේ. 11 June 2018
සාකච්ඡාවට ගිය කිම් ජොන් උන් සෙල්ෆියක ඓතිහාසික හමුවට පැය කිහිපයක් තිබියදී සිංගප්පූරුවේ අගනගරයේ සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. 11 June 2018
විදුහල්පති - නි විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන සිටිනා ආකාරය දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ කලාපයේ පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධ විමර්ශන දේශපාලන හේතූන් මත යට ගසා ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලයේ ආරංචි මාර්ග කියයි. 11 June 2018
118 ගැන කිව්වේ මම නොවෙයි කැෆේ - දයාසිරි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගෙමන් මුදල් ලැබුණේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් රහස් පොලිසිය අද පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 11 June 2018
ප්‍රසන්න රණතුංගේ හඬ පටයක් සාක්කි විභාගයට බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් එලෙස තර්ජනය කරන හඬ පටයක් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ අද (11) ප්‍රතිවාදනය කළේය. 11 June 2018
උඩුදුම්බර මුදල් කොල්ලයක් මහියංගනය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට සහ පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් අද (11) පස්වරුවේ උඩදුම්බර 18 වංගුව ප්‍රදේශයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගූණසේකර මහතා පැවසීය. 11 June 2018
කතුන්ට අරක්කු විකිණීම ගැන පෙත්සමක් කල්යයි කාන්තාවන්ට මත්පැන්හල් වල සේවය කිරීම හා මිළදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන මස 16 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 11 June 2018
වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් 1540ක් වෙරළ තීරයේ ඉදි කර ඇති අනවසර ඉදි කිරීම් 1,540ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) පැවැසීය. 11 June 2018
ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම මහාධිකරණයට යැවිය යුතුයැයි නීතිපති කියයි අර්ජුන ඇලෝසියස්ගේ සහ කසුන් පලිසේනගේ ප්රතිශෝධන පෙත්සම ගැන සලකා බැලිය හැක්කේ එය මහාධිකරණයට යොමු කිරීමෙන් පමණක් බව අතිරේක සොලිටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණය හමුවේ අද කියා සිටියේය. 11 June 2018
නාලක ගොඩහේවා ඇතුළු 3කට පවරා ඇති නඩුව කල් යයි “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබා දුන් රුපියල් ලක්ෂ 50ක මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝම්බර් මස 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (11) නියම කළේය. 11 June 2018
සැමියා බේරන්න බිරිඳගෙන් ලක්ෂ 10ක් ගත් සුරාබදු නියාමක අල්ලයි රාත්‍රී සමාජ ශාලාවල භාවිතා කරන මත්පෙති ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැමියාට එරෙහිව නඩු නොපවරවා සිටීම සඳහා බිරිඳගෙන් රුපියල් ලක්ෂ 60ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10ක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සුරාබදු නියාමකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2018
දැරියට හදි කළ හමුදා සෙබළා - වෙළෙන්දා වසර 16කට පසු අත්අඩංගුවට මෙයට වසර 16 කට පෙර එනම් 2002 වසරේදී පොළොන්නරුව, පුලස්තිපුර පොලිස් වසමේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු සහ වෙළෙන්දකු අද(11) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 June 2018
නිලධාරීන් අතිනුත් බදු ගෙවලා - පාඨලී මේ වන විට පනවා ඇති බදු හේතුවෙන් නිලධාරීන්ට වාහන භාවිතය සම්බන්ධයෙන් පවා ගැටලූ ඇති වී ඇතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවසීය. 11 June 2018
පාතාලය මඬින්න ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස් විදෙස්ගත පාතාලයන්ගේ ගෝලයින් මර්ධන කිරීමේ මෙහෙයුම් වේගවත් සිදුකර ලෙසට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (11) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දුන්නේය. 11 June 2018
තැපැල් සේවකයෝ යළිත් වැඩ වරති තැපැල් සේවක ගැටළු සදහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 සේවකයෝ අද (11) පස්වරු 4 ට තම රාජකාරිවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුහ. 11 June 2018
’බැඳුම්කරේ හොරු අල්ලන්න හැදුවා මිස සල්ලි ගත්තේ නෑ’ - නලින්ද ජයතිස්ස බැඳුම්කර හොරු අල්ලන්න කටයුතු කළා මිස මා පර්පෙචුවල් සමාගමෙන් හෝ එයට සම්බන්ධ කිසිම වෙනත් ආයතනයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ කිසිම මුදලක් ලබාගෙන නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය. 11 June 2018
‘නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබාදුන් පෙන්ඩ්‍රයිව් සඳහා වැය වු මුදල් වැටුපෙන් අය කිරීමට යයි නවක ආයුර්වේද වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේදී ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා ලබා දුන්‘පෙන් ඩ්‍රයිව්‘ එක වෙනුවෙන් වැය වු රුපියල් 950 ක මුදල ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පළාත් ආයුර්වේද කොමසාරිස් නිතීපතිට දැනුම් දී ඇත. 11 June 2018
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ. 11 June 2018
හැටන්-නුවරඑළිය මඟ එක් මංතීරුවකට සීමා වෙයි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සිට නුවරඑළිය දක්වා ස්ථාන කිහිපයකම තවදුරටත් ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම රථ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා කර ඇත. 11 June 2018
සිල් රෙදි නඩුවේ ඇපෑලට අදාළ ලිඛිත දේශන සැප්තැම්බර් 5 දාට ඉදිරිපත් කරන්න නියෝග කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව සිටින හිටපු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනාවලට අදාල ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ අද (11) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව වලට නියෝග කළේය. 11 June 2018
ලක්ෂ 33ක මැණික් සඟවාගෙන සිටි අයෙක් තංගල්ලෙන් අල්ලයි තැරැව්කරුවෙකු ලෙස පෙනී සිට රුපියල් තිස්තුන් ලක්ෂ තිස්අටදහසක වටිනාකමකින් යුත් පැන්සි වර්ගයේ මැණික්ගල් තොගයක් සඟවා ගෙන සිටි පුද්ගලයෙකු එම මැණික් ගල්තොගය සමඟ තංගල්ල විශේෂ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 June 2018
මීගමු ධීවරයෝ පාරට බසිති භූමිතෙල් මිල වහා පහත හෙලනු,ධීවර ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරනු ,පෙර මිලටම භූමිතෙල් ලබා දෙනු යනුවෙන් සඳහන් පාඨ සහිත පුවරු ඔසවමින් ධීවරයින් පිරිසක් මීගමුව මහ නගර සභාව ඉදිරිපිට දී අද (11) දහවල් විරෝධතාවයක නිරත වූහ . 11 June 2018
ගැටළු වලට විසඳුම් ඉල්ලා යාපනයේ ධීවරයෝ වීදි බසිති මරදන්කේනි වෙරළට පැමිණ සිටින සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් ඇතිවී ඇති නිසා එම ධීවරයින් වහාම ඉත් කරන ලෙස ඉල්ලා අද (11) යාපනය නගරයේ ධීවරයෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ. 11 June 2018
පර්පෙචුවෙල් සමාගමෙන් අල්ලස් ගත් නිලධාරීන්ට එරෙහි රාවණා බලයෙන් පැමිණිල්ලක් පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලක් කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් 11 June 2018
ප්‍රසන්නගේ බිරිඳට විදෙස් ගමන් බලපත්‍රය දෙන්න අවසර ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය. 11 June 2018
ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වයට සිංගප්පූරු ඩොලර් මිලියන 20ක් ඓතිහාසික ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වය දැරීමට පමණක් සිංගප්පූරුඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් වියදම් වන බවත් එසේ වුවත් ලෝක සාමය වෙනුවෙන් තමන් එම පිරිවැය දැරීමට සූදානම් බවත් සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් පවසයි. 11 June 2018
ලක්ෂ 80ක රන් බඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය . 11 June 2018
ලක්ෂ 18 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට යාපනය සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 08 යි ග්‍රෑම් 560 සමඟ පුද්ගලයකු වවුනියාව පුලියන්කුලම පොලිස් ස්ථානය අසලදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය පවසයි. 11 June 2018
දුමින්ද දේශපාලනයේ ඇත්ත වමාරයි පාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා ’’මචං බැන්නට ගණන් ගන්න එපා කියලා’’ 11 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026