රාජ්‍ය රූපවාහීනි නාලිකා නිවේදක සහ පුතා යළි රිමාන්ඩ් කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයතික් ඇන තුවාල සිදු කළැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් 12 වැනි දා සිට රිමාන්ඩ් බාරයේ පසුවන රාජ්‍ය රූපවාහීනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇපදීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සැකකරුවන් දෙදෙනා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. 13 June 2018
මිනිරන් පතලකින් සිදුවන හානිය වළක්වන්නැයි මැල්සිරිපුර උද්ඝෝෂණයක් මැල්සිරිපුර, පන්ලියද්ද, දාස්වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරිමට යොජිත මිණිරන් පතලක් හේතුවෙන් සිදුවන පරිසර විනාශය නතර කර දෙන ලෙස බලකරමින් පන්ලියද්ද ගම්වාසිහු අද (13) කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගය පන්ලියද්ද ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නියැලුණහ. 13 June 2018
’දිවයින පුරා චෛත්‍ය 25 ක් ඉදිකරනවා’ - සජිත් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි චෛත්‍ය 25 ක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය. 13 June 2018
ඥානසාර හිමිට එරෙහි නීතිපතිගේ පෙත්සම නොවැ. 23 වැනි දා විභාගයට තලංගම ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකු 13 June 2018
මහනුවර තැපැල් සේවය මුළුමනින්ම බිඳ වැටේ තැපැල් සේවක වෘත්තීය සමිති සම්මේලනය ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු තැපැල් කාර්යාල අද (13) වසා තැබීම නිසා තැපැල් සේවාව මුළුමනින්ම බිඳ වැටී තිබිණි. 13 June 2018
නඩරාජා රවිරාජ් ඝාතන නඩුව යළි විභාග කරන්නැයි පෙත්සමක් නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා වලින් නාවික හමුදා නිලධාරීන් නිදොස් කර නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා එම නඩුව යළි විභාගයට ගැනීමට නියම කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අගෝස්තු 02 වැනිදා විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 13 June 2018
පෙම් සුව විඳිමින් සිටියදී යතුරුපැදිය උස්සලා තම පෙම්වතිය සමඟ ගාල්ල ධර්මපාල උද්‍යානයේ පෙම් සුව විඳිමින් සිටියදි පෙම්වතා පැමිණි යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 13 June 2018
විදෙස් මත්පැන් බෝතල් 34 ක් සමඟ 4ක් අත්අඩංගුවට නීතිවිරෝධී අයුරින් විදේශ මත්පැන් බෝතල් 34 ක් සහ විදේශ රටක නිෂ්පාධිත දුම්වැටි 2400 තම සන්තයේ තබාගෙන ගුවන්තොටුපළ රථගාලේ රැදිසිටි පුද්ගලයින් සිව් දෙනෙකු ලද තොරතුරු මත ගුවන්තොටුපොළ පොලීසිය (13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. 13 June 2018
යුද සැමරුමට උතුරු මහඇමැති දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීම වෙනුවෙන් පසුගිය මැයි 18 වැනි දා පැවැත්වු සැමරුම වෙනුවෙන් උතුරු පළාත් සභා විපක්ෂනායක ලබාදුන් රුපියල් 7000 මුදල පියවීම වෙනුවෙන් නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(12) කටයුතු කරනු ලැබීය. 13 June 2018
හුංගමට හමා ගිය සුළඟින් විශාල හානියක් හුංගම නගරය හරහා අද(13) අළුයම හමාගිය තද සුළඟකින් නගරයේ වෙළඳසැල් හා නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි. 13 June 2018
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි. 12 June 2018
පරිපාලන සේවා නිලධාරීන්ටත් වැඩියෙන් ගෙවන්න ඉල්ලා තවත් කැබිනට් සංදේශයක් ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට රුපියල් 30,000 සිට 50,000 දක්වා වන මාසික විශේෂ දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රජයේ පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇත. 12 June 2018
කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගාවක් - ධර්මලිංගම් සිද්ධාර්ථන් උතුරු සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය. 12 June 2018
තමන් විශ්වාස කර වැඩට එන්න’යි තැපැල් ඇමති කියයි තැපැල් සේවක ගැටළු විසඳීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති නිසා තමන්ව විශ්වාස කර සේවයට වාර්තා කරන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්.ඒ හලීම් මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලී සිටින තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටියි. 12 June 2018
මියගිය කොටි වෙනුවෙන් වන්දි ගෙවීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමති විරෝධය යුද සමයේ ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද වන්දි ගෙවීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමති ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ. 12 June 2018
බැතිමත්හු උතුරේ සිට කතරගමට පයින් යති කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන පිරිස් මේ දින වල ඒ-9 මාර්ගයේ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දැක ගැනීමට හැකිය. 12 June 2018
දරුවාට වූ අසාධාරණය අහන්න කෙනෙක් නැතිව අම්මා වස බොයි තලවතුගොඩ පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළදී වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කළ මවක් මවක් අද (12) සවස කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. 12 June 2018
ඇදුරිඳු අබේසිංහයන්ගේ මෙහෙවර ඇගයේ අධිනීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයීම සඳහා ග්රන්ථ දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී අද (12) එළිදැක්විණි. 12 June 2018
අඹ වැනි ගෙඩියක් මල් වැලේ හැදිලා දවුලගල - හියාරාපිටිය හංදෙස්ස පදිංචි හිටපු අධ්‍යපන අධ්යක්ෂවරයෙක් වන අනිල් එදිරිසිංහ මහතා තම වත්තේ ඇති අඹ ගසක ගෙඩි කඩන අතර වාරයේදි මල් වැලක අඹ ගෙඩියක් ඇති බව නිරීක්ෂණය වී තිබේ. 12 June 2018
තංගල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති රෝද පුටුවෙන් අධිකරණයට බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කරන ලදැයි චෝදනාවට වරදකරු කරමින් තමන්ට පනවා ඇති වසර විස්සක සිරදඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ගොනු කළ අභියාචන පෙත්සම් විභාගය අද (12) කැඳවූ අවස්ථාවේදී හිටපු සභාපතිවරයා රෝද පුටුවකින් කොළඹ අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය වෙතට පැමිණ සිටියේය. 12 June 2018
භූමිතෙල් 70 ට දෙන්න කැබිනට් අනුමැතිය භූමිතෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩුකිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. 12 June 2018
විදුලි බල මණ්ඩලයේ පාඩුව ලක්ෂ 16 යි - දඩය රුපියල් 10,000 යි කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය. 12 June 2018
උපාධිධාරීන් 5000කට රජයේ රැකියා උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ පළමු අදියරේ දී උපාධිධාරීන් 5000 කට කඩිනමින් රැකියා ලබාදීමට රජය තීරණය කර ඇත. 12 June 2018
සරත් කුමාර ගුණරත්න නඩුවේ අධි චෝදනා ගොනු කෙරේ මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් මුදල් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිනපොත් මුද්‍රණය කොට රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් කළ බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතා අද (12) බාර දෙන ලදී. 12 June 2018
අමාත්‍යංශ ලේකම්වරු පාර්ලිමේන්තුවට කැඳවති සියලුම අමාත්‍යංශ ලේකම්වරු අද (12) පාර්ලිමේන්තුවට කැඳවනු ලැබූහ. 12 June 2018
‘රටේ කප්පරක් ප්‍රශ්න තිබියදී අලුතින් ඇමැතිවරු පත් කරනවා‘ ජනතාව කප්පරක් ප්රශ්නවල පැටලී සිටියදී අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. 12 June 2018
මට්ටක්කුලියේ ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය වසයි කොළඹ,මට්ටක්කුලියෙහි පිහිටි උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය ඉකුත් සිකුරාදා (8) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ. 12 June 2018
පොළොන්නරුව මහ රෝහලේ හෙදියෝ වැඩ වරති විද්‍යා විෂය ධාරාවට අමතරව කලා /වාණිජ විෂයන් ගෙන්ද හෙද සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය වහාම වෙනස් කරන ලෙස හා 2016 වසරේ සිට පවතින හිඟ දීමනා ලබා දෙන ලෙසට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියෝ අද(12) 12 June 2018
හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමතිට දුන්නේ කනේ පාරක් -සරත් වීරසේකර සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය යුතු බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹදී පැවසීය. 12 June 2018
තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි තැපැල් සේවක ගැටළු සඳහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 ක සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (12) වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙන අයුරු දැකගත හැකි විය. 12 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026