තංගල්ල හිටපු ප්‍රා.සභාපති ඇතුළු 4 දෙනාගේ පෙත්සම කල්යයි 2012 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියා ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකු 12 June 2018
ආණ්ඩුවට බණින අයට ‘පරිණත ප්රජාතන්ත්රවාදය‘ තේරෙන්නේ නෑ - හරීන් ආණ්ඩුවට කොන්ද පණ නැති බව ඇතැමුන් කියන්නේ ඔවුනට පරිනත ප්රජාතන්ත්රවාදය නොතේරෙන නිසා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 12 June 2018
කටුනායකින් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 5 ක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. 12 June 2018
නාමමාත්රික විධායක ජනපති ධූරයට පෝද්දලින් විරුද්ධ වෙති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය වෙනුවට නාමමාත්ර විධායක ජනාධිපති ධූරයක් ඇතිවීමෙන් රට අස්ථාවර වන බැවින් එම සංශෝධනයට විරුද්ධ විය යුතු යැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ගෙන එන ලද යෝජනාවක් අද (12) වැඩි ඡන්ද නමයකින් සම්මත විය. 12 June 2018
යාපනයේ දෙමළ ජනතාව ටී.එන්.ඒ. නායකයා එළවා ගනිති දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය. 12 June 2018
ඇමරිකාවෙන් උතුරු කොරියාවට සහතිකයක් “ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා” සහ “ආරක්ෂක සහතිකය” යන කරුණු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අත්සන් කළ ලියවිල්ලේ සඳහන්ව ඇතැයි වාර්තා වේ. 12 June 2018
යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ් බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ දී සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යශෝධ රංග බණ්ඩාර ජුනි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පි අබේසිංහ මහතා අද (12) නියෝග කළේය. 12 June 2018
ට්‍රම්ප් -කිම් විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තබති ඓතිහාසික හමුවෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ‘විස්තීර්ණ’ ලියවිල්ලකට අත්සන් තැබූහ. 12 June 2018
ළමා ශ්‍රමිකයන් ගැන 1929 ට කියන්න ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12)ට යෙදී ඇති අතර මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව ’’දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම’’ යන්නයි. 12 June 2018
සංශෝධිත පැමිණිල්ල සැප්තැම්බර් 17 ට ඉදිරිපත් කරන්නැයි නියෝග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරුද්ධත්වය දක්වා මාර්ගය අවහිර කර උද්ඝෝෂණය පැවැත්වු බව කියන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුන් 07 දෙනකු සම්බන්ධ නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ලබන සැප්තැම්බර් 17 12 June 2018
නුවරඑළිය හිටපු නගරාධිපතිට සිතාසි අල්ලස් පනතේ දුෂණය නම් වරදක් සිදු කළැයි නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද කුමාර මහතාට ලබන අගෝස්තු 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා සිතාසි නිකුත් කළේය. 12 June 2018
ට්‍රම්ප්ගෙන් කිම්ට ධවල මන්දිරයට ආරාධනයක් සිංගප්පූරු හමුව එසේත් නැතිනම් ‘ට්‍රම්ප්-කිම්’ හමුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 12 June 2018
ජනපති මෛත්‍රීට පොහොට්ටුවේ සහාය දෙන්නේ නෑ - ජී. එල්. පීරිස් බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ. 12 June 2018
ඇලහැර අමුණේ නිර්මාතෘ වසභ රජුගේ නමවත් නෑ ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප්‍රථම වරට ගංඟා ජලය වාරි පද්ධතියට එක්වන අඹන් ගඟ හරහා ඉදිකරන ලද ඇලහැර අමුණේ ආරම්භකයා වන වසභ රජුගේ කිසිදු තොරතුරක් අමුණ ආසන්නයේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව සිවිල් සංවිධාන රැසක් පෙන්වා දෙයි. 12 June 2018
‘ හමුදා කර්නල්වරයා ඉදිරියේ හඩා වැටීම කොටි සංවිධානයට කළ ද්‍රෝහි කමක්‘ - එම්.කේ.සිවාජිලිංගම් කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය. 12 June 2018
මගීන් නගිමින් සිටි බසයක බවුසරයක් ගැටී 4 කට බරපතළයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බස් - බවුසර් හා යතුරුපැදි අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 12 June 2018
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 7 ක් ඇමැතිවරු වෙති එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හත් දෙනෙක් (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 12 June 2018
කොටි කොඩිය දැමු තැන ස්මාරකයක් හදන්න ගිය උත්සහය අසාර්ථක වෙයි කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් සැදීමට වැල්වැටිතුරෙයි නගර සභාව සූදානම් වූ උත්සහය අසාර්ථක වී ඇත. 12 June 2018
ආපසු ආ යුද සරණාගතයෝ දුක කියති යුද්ධය හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා උතුරේ සිට ඉන්දියාවට ගොස් යුද්ධය අවසන් වූ පසු නැවත උතුරට පැමිණ ඇති ජනතවට නැවත පදිංචි වීමෙන් පසුව ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට එම වැසියෝ කියා සිටිති. 12 June 2018
‘මේ ගමනේදී අපි බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා’ - කිම් “එය ගෞරවයක්” යැයි උතුරු කොරියා නායකයා හමුවෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) උදෑසන සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැසීය. 12 June 2018
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නවතී ඉල්ලීම් තුනක් මුල්කරගෙන දුම්රිය ශ්‍රේණි ගණනාවක සේවකයන් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සිටි දින හතක වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා පැවසීය. 12 June 2018
මෛත්‍රී ඉන්න ගමන් මහින්ද අගමැති කිරීම අපේ වෑයමයි ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ එකම පරමාර්ථය. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (11) දා පැවසීය. 12 June 2018
‘ගෝඨාගේ ඇමෙරිකා පුරවැසිභාවය ජනපතිවරණයට බාධාවක් නෑ’ -ගම්මන්පිල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ජනාධිපතිවරණයට තරග වැදීමට බාධාවක් නොවන බවත් වෙනත් රටක පුරවැසියකු වන ඇමෙරිකානුවකුට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය. 12 June 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියක් (15) රැගෙන ගොස් එම දැරිය අපයෝජනයට ලක්කර ඇයත් සමඟ තල්ගස්යාය ප්‍රදේශයේ නිවසක සිටියදී එම දැරියගේ පෙම්වතා හා දැරිය පොද්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 June 2018
ඇමෙරිකානු තානාපති මහින්ද හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පෙරේදා (10) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූයේය. 12 June 2018
අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා - ට්‍රම්ප් “අපි හොඳ සබඳතාවක් ඇති කරගන්නවා. ඒ ගැන සැකයක් නැහැ” උතුරු කොරියා නායකයා හමුවෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියයි. 12 June 2018
16 කණ්ඩායම හමුවක් ඉල්ලුවේ නෑ - ගෝඨාභය ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායම හෙට (12) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බවට විවධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 11 June 2018
එජාපයේ මන්ත්‍රීවරු 6කට හෙට නියෝජ්‍ය අමාත්‍යධූර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙන අතර ඉන් පස් දෙනෙකු හෙට (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය. 11 June 2018
දඹුල්ල - ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් කන්තලේ - අග්බෝපුර පොලිස් වසමට අයත් කිතුල්උතුව ගල්වංගුව ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අලියකු පහර දී හානි සිදු කිරීමෙන් අනතුරුව තම ගම්මානවලට සිදු වන අලි හිරිහැර මැඩලීමට වහා පියවර ගන්නා ලෙස රජයට බල කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි. 11 June 2018
වාහන ගෙන්වීමේ තීරු බදු සහන බලපත්‍රය වසර 5 කට වරක් රජයේ නිලධාරීන්ට රජයේ ඉහළ නිලධාරීන්ට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයට අදාල නීති ඉකුත් 8 වැනිදින සිට සංශෝධනය කර තිබේ. 11 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026