මුලතිව් අණදෙන නිලධාරි මාරු ලබා යද්දී පුනරුත්ථාපන කොටි සාමාජිකයෝ හඬා වැටෙති යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණ දෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේ දී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද හඬා වැටුණහ. 11 June 2018
පොළොව නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ගෙන ගිය විශ්‍රාමික මේජර් අත්අඩංගුවට කොටි සංවිධානය සඟවා තිබෙන රත්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි විශ්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් පුද්ගලයකු 11 June 2018
‘දකුණේ වෛරස් උණ පාලනය වෙමින් තිබෙනවා ‘ . දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ තත්ත්වය මේ වන විට සියයට 75 න් පමණ පාලනය කර ඇතැයි දකුණු පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය. 11 June 2018
පොලීසියෙන් මිදී පැන යන්න හැදු සැකකරු නිවසේ උඩු මහලින් වැටී රෝහලේ මත්කුඩු සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමයක් අද (10) සැකකරුගේ කොල්ලූපිටිය නිවසට ගිය අවස්ථාව් ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී නිවසේ දෙවන මහලින් පැන යාමට උත්සහ කළ අවස්ථාවේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලය ඇතුළත් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 10 June 2018
ට්‍රම්ප්-කිම් දෙදෙනාම සිංගප්පූරුවට පැමිණෙති ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරළන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන දෙදෙනාම මේ වනවිට සිංගප්පූරුවට පැමිණ සිටිති. 10 June 2018
උසස්වීම් වලට ලකුණු දීමේ ක්‍රමයෙන් පොලිස් උප සේවයේ සිටි අයට අසාධාරණයක් පොලිස් උප සේවයේ සිට 2006 වසරේ නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළ පොලිස් සාමාජියන්ට උසස්වීම් ලබා දීමේ ඔවුන් සේවට බැදුණු දිනය සිට සේවා කාලය නොසලකා හැර අන්තර්ග්‍රහණය කළ දින සේවා කාලය වශයෙන් සලකා ළකුණු ලබා දීමේ කි‍්‍රයාවලින් එම පොලිස් නිලධාරීන් දැන් අපහසුතාවට පත්ව සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි. 10 June 2018
‘අපි කාගෙන්වත් තේ එකක්වත් බීලා නෑ‘-දඹර අමිල හිමි අපි වැරදිකාරයෝ කරන්න හදන ලාමක උත්සාහවල නිරත වෙන්න එපා. අපි කාගෙන්වත් තේ එකක් වත් බීල නැහැ. අපි ගත්තය කියන දෙයක් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියල අපි අභියෝග කරනවා. ’’ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ. 10 June 2018
බැඳුම්කර පරීක්ෂණ යට ගහන්න පාර්ශ්ව තුනක් බලපෑම් කරනවා - මහාචාර්ය විජේසූරිය බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කරන ආයතනවලට සිද්ධිය යට ගසන ලෙස පාර්ශව තුනකින් බලපෑම් කරන බවට ආරංචි ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ප්‍රකාශ කළේය. 10 June 2018
ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 16 ගෝඨා හමුවෙන්න යති අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ. 10 June 2018
බදු අඩු කරන්නැයි ඉල්ලා සති දෙකක් පෞද්ගලික සේවයෙන් ඉවත් වීමට වෛද්‍යවරු සැරසෙති වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන 24% ක බද්ද නැවත 12 % දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරු මේ මස 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වැළකී සිටීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති. 10 June 2018
තරුණයින් දෙදෙනකුට පහර දුන් ආවා කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට යාපනය කොකුවිල් බටහිර ප්‍රදේශයේදී අද (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට පහරදීමෙන් එම තරුණයින් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය. 10 June 2018
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටු පා ප්‍රාථමික ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරලා - පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර අතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට තොරතුරු ලැබී තිබේ. 10 June 2018
කිම් ජොන් සිංගප්පූරුවට ළඟාවෙයි ඇමෙරිකාවේ ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට සහභාගී වීම සඳහා උතුරු කොරියා නායක කිම් ජෙන් උන් සිංගප්පූරුව වෙත පැමිණියේය. 10 June 2018
කරන්දෙණිය උප සභාපතිගේ පපුවට වෙඩි උණ්ඩ 7ක් වැදිලා කරන්දෙණිය ප්‍රාදේශිය සභවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවිර මහතා මියගොස් ඇත්තේ ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිමෙන් බවට පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පලා ගුණරත්න මහත්මිය ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්වේ. 10 June 2018
උණ රෝගයෙත් තවත් දරුවන් දෙදෙනකු මරුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළඳීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 10 June 2018
අවුරදු තුනේ සිඟිත්තිය අපයෝජනය කළැයි ඥාතියා රිමාන්ඩ් වයස අවුරුදු තුනහමාරක් වයසැති දැරියක අපයෝජනය කළ ළඟම ඥාතියකු ලබන 20 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ධර්මකීර්ති මහත්මිය නියෝග කළාය . 10 June 2018
හෙට සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70 රට පුරා වෙසෙන ධීවරයන් ට සහනයක් වශයෙන් සලකා ඉහළ දමන ලද භූමි තෙල් මිල ලීටරයක මිල හෙට (11) සිට රුපියල් 70 ක් බව ධීවර හා ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පැවසීය. 10 June 2018
පුත්තලමේ වැවකුත් වාන් දමයි පෙර දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව වාන් දැමීමට පටන් ගෙන ඇත. 10 June 2018
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) උදෑසන විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි. 10 June 2018
අගමැති විදෙස් සංචාරයක පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය. 10 June 2018
අනියම් පහරකින් සිඟිත්තා මැරූ පියා රක්ෂිත බන්ධනාගාරයට කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ ගැටුමකදී දර පොලු පහරක් වැදී මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන එම සිගිත්තාගේ පියා මෙම මස 20 වන දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා පොලීසියට නියෝග කළේය. 10 June 2018
වව්නියාවේ දරුවා පැහැරගත් 8 ක් අත්අඩංගුවට වව්නියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි. 10 June 2018
යාපනයේ තරුණයින් දෙපිරිසක ගැටුමකින් 24 ක් රෝහලේ යාපනය වැල්වැටිතුරෙයි නෙඩ්යකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර රාත්‍රියේ ඇතිවූ දරුණු ගැටුමකින් තරුණයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වැල්වැටිතුරේ පොලීසිය පවසයි 10 June 2018
තෙල් මෝලක තිබු සුදු හඳුන් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට පන්නල - ඇලබඩගම පොල්තෙල් මෝලක ගබඩා කර තිබු සුදු හඳුන් කිලෝග්‍රෑම් 6706 ක් ස සැකකරුවන් දෙදෙනකු කුලියාපිටිය කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පන්නල පොලිසිය පවසයි. 10 June 2018
පොල්ලකින් ගහලා මිනිහෙක් මරලා බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මුගුරකින් පහර දීමෙන් පුද්ගලයෙකු අද (10 ) ඝාතනයට ලක්කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 10 June 2018
ටිපර්-යතුරුපැදි අනතුරින් කොස්තාපල් මරුට වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුඩාඔය අටේ කණුව අසලදී අද (10) උදැසන 6.20 ට පමණ පොලිස් නිළධාරියෙකු ධාවනය ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් පොලිස් නිළධාරිවරයා මියගොස් ඇතයි කුඩාඔය පොලීසිය පවසයි. 10 June 2018
නැගෙනහිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨය වසා දමයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව පීඨාධිපතිනි එස්. කුමුදුනි දේවි මහත්මිය පැවසිය. 10 June 2018
ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වෙයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 09 June 2018
කල්පිටියේ බැංකුවක ඇතිවීමට ගිය ගින්න නිවා දමයි කල්පිටිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (9)අද රාත්‍රියේ, ඇතිවූ සුලු ගින්නක් නගරවාසීන්ගේ දූරදර්ශීබව නිසා වහාම පාලනය කර නිවා දැමීමට හැකිවූ බැව් කල්පිටිය පොලිසිය පවසයි. 09 June 2018
වෙඩි තැබීමේ නාටකයට සයිටම් හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ් සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මේමස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද පස්වරුවේදී නියෝග කළේය. 09 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026