උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියා යන්න අවසර අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් මහතා ගම්මන්පිල මහතාට අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ සුව දුක් බලා ඒමට අවසර ලබා දුන්නේය. 08 June 2018
නිශ්ශංක සේනාධිපතිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම 19 වැනිදා විභාගයට තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 08 June 2018
ලක්ෂ 55 ක හෙරොයින් හංවැල්ලෙන් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 55 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 June 2018
කළු ගඟේ ජල මට්ටම ඉහළට කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2018
මත්තලට දිනපතා ආ ගුවන් යානයත් නතර කරයි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්රකාශයෙක් කීය. 08 June 2018
කොටි ආයුධ රැසක් කිලිනොච්චියෙන් මතු වෙයි කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් හමු වූ බව කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 08 June 2018
ටීඑන්ඒ මන්ත්‍රී සිවාජිලිංගම් අසනීප වී රෝහලේ දෙමළ ජාතික සන්ධානයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පළාත් සභා මන්ත්‍රීවරයකු වන එම්.කේ.සිවාජිලිංගම් හට ඊයේ (7) රාත්‍රීයේ ඇති වූ හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවට යාපනය පොලීසිය පවසයි. 08 June 2018
නොරොච්චෝල විදුලි බලාගාරයට යන එන මං අහුරති සමස්ත කල්පිටිය අර්ධද්වීපයේම බ්‍රහස්පතින්දා රාත්රියේදී සිට විදුලිය බිඳ වැටීම සහ කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව විදුලිබල මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට විරෝධය පාමින් 500 කට අධික ජනතාවක් නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද (8 වැනිදා) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. 08 June 2018
ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි. 08 June 2018
ජවිපෙ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කරන්න ශ්රීලනිපය සැරසෙයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයන කර තීරණයක් ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 07 June 2018
ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරද දී ඇතැයි වාර්තා වේ. 07 June 2018
තලවාකැලේ - නාවලපිටිය මාර්ගයේ වාහන ධාවනයට බාධා තලවාකැලේ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැටඹුලාව ප්‍රදේශයේදී අද (07) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ. 07 June 2018
වීසා නැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයකු අල්ලයි වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියන් ජාතිකයෙකු ගලහ පොලිසිය මගින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තොට තිබේ. 07 June 2018
නවක මන්ත්‍රීවරියන්ගේ පත්වීම නීත්‍යානූකූලයි - මැ.කෝ මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇතැයිද එහි කිසිදු ගැටළුවක් නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය. 07 June 2018
මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහි නඩුව කල් යයි විදුලි ඉංජිනේරුවරයකුට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අගෝස්තු මස 28 වැනිදා දක්වා කල් තැබීමට හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (07) නියෝග කළේය. 07 June 2018
මහරගම නගර සභාවේ පෙරලියක් මහරගම නගර සභාවට තේරී පත්වු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙන අතර ඒ වෙනුවට ඡන්දයට ඉදිරිපත් නොවු කාන්තාවන් 6දෙනෙකු පත් කර තිබේ. 07 June 2018
සුජීව සේනසිංහ තොප්පිය දාගනී මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 07 June 2018
රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය වහයි නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය අද (07) සිට දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය. 07 June 2018
ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ලංකාවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන , විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ ) අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතියි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 07 June 2018
ආණ්ඩු වෙනසින් පසු සමහර වැඩ නැවතිලා - ආදිවාසී නායක මන්ත්‍රීවරැන් කාගෙන් හෝ මුදල් අරගෙන තිබෙනවා කියා ඔප්පු වී ඇත්නම් ඒ නම් ගම් හෙළි නොකිරීම ගැටලුවක් බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තෝ අද මහනුවරදී පැවසූහ. 07 June 2018
පාඨලී චම්පික ගොනුකර තිබූ අපහාස නඩු 2ක ඉල්ලා අස්කර ගනී තම කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් සහ රුපියල් මිලියන 500 ක් බැඟින් වන්දි අය කර දෙන මෙන් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ අපහාස නඩු දෙකක් ඒ මහතා විසින් අද (07) ඉල්ලා අස්කර ගන්නා ලදී. 07 June 2018
වෛරස් උණ හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයත් වැහෙයි වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය අද (07) තීරණය කළේය. 07 June 2018
ගිනිගත්හේන හින්දු කෝවිල අසල මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන හින්දු කෝවිල අසල ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 07 June 2018
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර , කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 07 June 2018
ෆේස්බුක් සමාගමට සිංහල කතා කරන පිරිස් බඳවාගනී තම කාර්යමණ්ඩලය වෙත සිංහල බස කතා කරන පිරිස් බඳවාගන්නා බව ෆේස්බුක් සමාගම සඳහන් කරයි. ෆේස්බුක් සමාජ ජාලයේ සිංහල බසින් පළවන වෛරී සහ ජනයා කුපිත ප්‍රකාශ හඳුනාගැනීම එලෙස සිංහල කතා කරන පිරිස් බඳවා ගන්නා බව ද එම සමාගම සඳහන් කර සිටී. 07 June 2018
නාවලපිටියේ නායයාමකින් ගමනා ගමනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මීපිටිය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (07) පස්වරු 4.30 සිට ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය කියයි. 07 June 2018
ගිනිගත්හේන දියගල මාර්ගය තාවකාලිකව වහයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා අද (07) එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කළ බව ගිනිගත්හේන පොලිසීය පැවසිය. 07 June 2018
පර්පෙචුවෙල් ටේරෂරීස් වෙතින් රාජ්‍ය අමාත්‍යවරයකුට මිලියන 3 ක චෙක්පත් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනකදී මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3 ක චෙක්පත් තුනක් ලබාදී ඇතැයි නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය. 07 June 2018
ගුවන් මගීන් බියකළ ශ්‍රී ලාංකිකයා වසර 12 ක් හිරේ බෝම්බයක් පුපුරුවා හරින බවට කෑ ගසමින් මැලේසියානු ගුවන් යානයක ගමන් කළ මගීන් බිය වැද්දවීමේ චෝදනාවන්ට වරදකරුවු ශ්‍රී ලාංකිකයකුට වසර 12ක සිර දඬුවමක් ලබා දීමට ඔස්ට්‍රේලියා විනිසුරුවරයකු නියෝග කර තිබේ. 07 June 2018
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (7) පස්වරුවේ සිට යළිත් තද වැසි ලැබෙමින් පවතී. 07 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026