IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දේශපාලන නායකත්වය නොමැතිවීමෙන් රාජ්‍ය නිලධාරින් අපහසුතා රැසක

(විනීතා එම් ගමගේ)


 පවතින දේශපාලන හැල හැප්පීම් හමුවේ රාජ්‍ය නිලධාරින් බරපතල අසීරුතාවන්ට මුහුණ දී සිටින බව පැෆරල් සංවිධානය පවසයි.


ඔවුන් වැඩ කිරීමේ දී විවිධ ගැටලූවලට මුහුණ දෙන බවත් මේ නිසා ජනතාව ද පීඩාවට පත් වන බවත් හෙතෙම කියා සිටියේය.


 මේ තත්ත්වය  පාලනය කිරීමට හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 


  නීතිය හෝ ව්‍යවස්ථාවට සියල්ල ඇතුළත් නොවන බැවින් ස්ථාවර දේශපාලන නායකත්වයක් රට තුළ ඇති විය යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා කීය. 


 දේශපාලනය හරහා සිදුවන බල අරගල ක‍්‍රියාකාරකම් හමුවේ රට අභ්‍යන්තරයේ අස්ථාවරත්වයක් මතුවී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 


තනතුරක් ලබන්නා එම තනතුරේ ගෞරවය රකිනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන  බව ද පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය.


සිදුවිය යුත්තේ ඉක්මණින්ම පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින කණ්ඩායමක් විසින් අගමැතිවරයෙක් පත් කරගෙන ස්ථාපිත වීම යැයි ද  එසේ නොවුණහොත් රට තූළ නීතිය, සම්ප‍්‍රදාය හා භාවිතයේ දී ගැටලූ රැුසක් ඇති විය හැකි යැයි ද දේශපාලන, ආර්ථික අස්ථාවරත්වයක් ඇති විය හැකි යැයි ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය. 



අදහස් (0)

දේශපාලන නායකත්වය නොමැතිවීමෙන් රාජ්‍ය නිලධාරින් අපහසුතා රැසක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site