හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ බොරැල්ල පුවලිංගම් පෙදෙසේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් ජාවාරමක නියැලෙන බව පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත බොරැල්ලේ පුවලිංගම් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුව සතුව හෙරොයින් තිබී ඇති අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 51 ක් සොයා ගැනීමට හැකිව ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් ඔහු මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ සහ දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු වන ‘චිටි‘ නැමැත්තාගේ සමඟ සමීප සබඳතා පත්වන්නෙකු බවට තොරතුරු අනාවරණය වු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොටුව සංවිධානාත්මක අපරාධ නිවාරණ අංශයට බාර දී ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd