සයිටම් වහන්නේ නෑ - ඇමැති කිරිඇල්ල කිසිසේත් සයිටම් ආයතනය වසා නොදමන අතර වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණවලින් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. 03 April 2017
සයිටම් වහන්නැයි සිකුරාදා වැඩවර්ජනයක් සයිටම් ආයතනය වසා දමන ලෙස බල කරමින් ලබන සිකුරාදා (07) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 03 April 2017
ආසියානු 23න් පහළ ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ පැවති 23න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟයේදී පාසික්තාන පිල කඩුලු පහකින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මෙහි ශූරතාව දිනා ගන්නා ලදි. 03 April 2017
ශාන්ත පීටර්ස්බර්ග්හි පිපිරීමකින් 10ක් මරුට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි නගරාන්තර උමං දුම්රිය ස්ථාන දෙකක් අතරදී අද (2) සිදු වූ පිපිරීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. රුසියාවේ වේලාවෙන් අද (03) සවස්වරුවේ මෙම පිපිරීම වී ඇති අතර ඊයේ සවස් වනතුරුත් තුවාල ලැබූවන් මුදා ගැනෙමින් තිබිණි. 03 April 2017
පිටකොටුවෙන් ලක්ෂ 11ක මුහුණු ආලේපන අල්ලයි මුහුණ පැහැපත් වන බව පවසමින් නීති විරෝධී ලෙස විකිණූ මුහුණු ආලේපන තොගයක් පිටකොටුවේ වෙළඳසැල් දෙකකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය පවසයි. 03 April 2017
හිරු මුදුන් වීමෙන් ශ්‍රී ලංකාවම රත්වෙයි ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අනිද්දා (5) සිට ඇරඹෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 April 2017
තොරතුරු තාක්ෂණ අතිරේක අධ්යක්ෂකත් කොමිසමට කැඳවයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර මහතා හෙට (4) කොමිසම හමුවට කැඳවීමට නියමිතය. 03 April 2017
පැකර්ට දුන් ඉඩම ගැන පරීක්ෂණයක් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවත හා චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවත අතර පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම පෞද්ගලික සමාගමකට විකිණීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයාබලන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් දැනුම් දුන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 03 April 2017
වයිකෝ අත්අඩංගුවට තමිල්නාඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ මහතා 2009 රාජද්‍රෝහි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. 03 April 2017
සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයෝත් ශ්‍රී ලාංකිකයින් ,යේමන ජාතිකයින් , උතුරු හා මධ්‍යම අප්‍රිකානු ජාතිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 480 කට ආසන්න පිරිසක් රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් මානුෂීය සේවා නැවක් විසින් මුදා ගැනීමේ සිද්ධියක් ඊයේ (03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 April 2017
ඇවන්ගාඩ් නඩු විභාගය අගෝස්තු 28 දා යළි කැඳවයි ඇවන්ගාඩ් මැරිටයිම්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ හිටපු මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු මහතාගේ බැංකු ගිණූමට මුදල් බැරකළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත යුතුයැයි අල්ලස් කොමිසම අධිකරණයට අද(03) දැන්වීය. 03 April 2017
සිංහල අවුරුදු නැකත් නිදොස් යැයි නැකත් කමිටුව කියයි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව මගින් ඉදිරිපත් කර තිබෙන සිංහල අලුත් අවුරුදු නැකත් දෝෂ සහිත බව ඇතැම් ජෝතිෂ්යෙව්දීන් කරුණු ඉදිරිපත් කර තිබුණ ද එහි කිසිදු දෝෂ තත්ත්වයක් හෝ අසුභ තත්ත්වයක් නැතැයි නැකත් කමිටුව අවධාරණය කරයි. 03 April 2017
උණ පැතිරීම නිසා පේරාදෙණි සරසවිය වසා දමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැතිර යන වසංගත රෝගයක් තවදුරටත් පැතිරීයාම වළක්වාගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ උපකුපලතිවරයා විසින් අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. 03 April 2017
මහබැංකු වංචාව ලෝකයේ ලොකුම කොල්ලකෑමක් - හිටපු ජනපති මහින්ද මහබැංකු වංචාව ලෝකයේ සිදු වූ ලොකුම කොල්ලකෑම්වලින් එකක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. චීනය හා ඉන්දියාව යුද්ධයට දුන්න සහය අගය කළ යුතු බවත් ණයට හෝ යුද්ධ කිරීමට හැකි වූයේ චීනය හා ඉන්දියාව සහායෝගය දුන් නිසා බවත් රාජපක්ෂ මහතා කියයි. තමන් ණය ගත්තේ ගෙවීමට හැකි නිසා බවද ඒ මහතා පවසයි. 03 April 2017
රවී ජයවර්ධන දිවියෙන් සමුගනී හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ. 03 April 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් භෝජන සංග්‍රහයක් දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. 03 April 2017
පිල්ලයාන් ඇතුළු සිව්දෙනා 17 දා දක්වා රිමාන්ඩ් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනකු ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ගනේෂරාජා මහතා නියෝග කළේය. 03 April 2017
සර්ව පාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන්නැයි උදය ගම්මන්පිල ජනපතිගෙන් ඉල්ලයි නුරේදීම සිදුවිය හැකි දැවැන්ත ආර්ථික කඩාවැටීමට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් එවැනි සමුළුවක් කැඳවන්නේ නම් දේශපාලන භේදයකින් තොරව තම පක්ෂය ඊට සහාය දෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 April 2017
රිදී ඇල්ල වනයෙත් දැව ජාවාරම ජයටම මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට අයත් බකමුණ වනජීවී කලාපයට රිදී ඇල්ලේ මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවෙන බවට තොරතුරු ලැබී තිබේ. රක්ෂිතය තුළ යන්ත්‍ර භාවිතයෙන් වටිනා ශාක කපා දමා ඇති ආකාරය දැකගැනීමට හැකිය. මෙලෙස කපා ගන්නා දැව කඳන් ලොරි රථවලින් ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීහු කියති. 03 April 2017
තිස්සට විදෙස් ගතවෙන්න අවසර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට අවසර දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය. 03 April 2017
දැව ජාවාරම්කරුවෝ ලග්ගල වනය වනසති කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කළ ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන අයුරු 03 April 2017
ජනපති මෛත්‍රී තරුණ සමුළුවේදී විසඳුමට ජවයක්, තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් තරුණ සමුථව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුථව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලූ ඉදිරිපත් කළ තරුණ ප්‍රජාව මෙවර ගැටලූවලට විසදුම් හා යෝජනා රැගෙන සමුථවට එක්වීම ද විශේෂත්වයකි. 03 April 2017
විමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් යළිත් ප්‍රතික්ෂේප වෙයි රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (3) යළි නඩුව කැදවිණි. එහිදී වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කිරිම සුවිශේෂී කරුණක් ලෙස සළකා කරන ලද ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය. 03 April 2017
රතුපස්වල වෙඩිතැබීමට අත්අඩංගුවට ගත් හමුදා සැරයන්වරු තවදුරටත් රිමාන්ඩ් පිරිසුදු පානීය ඉල්ලූ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා ඇතුළු තිදෙනා ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන්පතිරණ මහතා අද(03) නියෝග කළේය. 03 April 2017
ලග්ගල නැවත පදිංචි කරන පෙදෙස්වල මහා පරිමාණ දැව ජාවාරමක් කළුගඟ හා මොරගහකන්ද නව ජලාශ සඳහා ඉඩකඩම් ලබාදුන් ජනතාව නැවත පදිංචි කෙරෙන ලග්ගල අක්කර හැඩිය ප්‍රදේශයේ මහා පරිමාණ දැව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබේ. 03 April 2017
පාසල ඇරුණු පසු බීමත්ව රැඳී සිටි ගුරුවරු සිවු දෙනෙක් අත්අඩංගුවට නාරම්මල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් තුළ පසුගිය සිකුරාදා (31) පාසල් වේලාවෙන් පසුව බීමත්ව සිටි බවට සැකපිට එම පාසලේ ගුරුවරු සිවු දෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 03 April 2017
දවුල්දෙන මහ නාහිමියෝ අපවත් වෙති අමරපුර මහා සංඝ සභාවේ මහානායක දෙවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ (102) අපවත් වුහ. 03 April 2017
පරිණත හොරු ඇමති මණ්ඩලයේ - ලාල් කාන්ත විමල් වීරවංශ හොරකමට අපරිණත නිසා රිමාන්ඩ් බාරයේ සිටින බවත්, හොරකමට පරිණත පිරිස් ගැටළුවක් නැතිව ඇමැති මණ්ඩලයේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලන සභික ලාල් කාන්ත මහතා පැවසීය. 02 April 2017
ව්‍යාජ රන් ජාවාරම්කරුවෙක් දඹුල්ලේ දී පොලිස් දැලේ නිධානයකින් ගත් බව කියමින් රන් කැබලි තොගයක් රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීමට දඹුල්ල නගරයට පැමිණි අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 April 2017
අනවසරයෙන් දුරකතන ‘ටැප්‘ කළැයි තරුණයකුගෙන් පැමිණිල්ලක් රජයේ දුරකතන ආවේක්ෂණ උපකරණ භාවිත කරමින් තමන්ගේ සහ තම පවුලේ දුරකතන ඇමතුම්වලට රහසේ සවන් දී ඇති බව කියමින් (ටැප් කර) කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසක් හමුවේ පසුගියදා විශේෂ කරුණු ඉදිරිපත් කිරීමක් කරනු ලැබ තිබේ. 02 April 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026