ව්‍යාජ රන් මිණි විකුණා ලක්ෂ ගණනින් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට නිධානයකින් ගත් රන් කැබලි හා මැණික් බව කියමින් ව්‍යාජ රන් හා ව්‍යාජ මැණික් ගල් විකුණා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ වැටලීම් ඒකකය පවසයි . 05 April 2017
පළමු ශ්‍රේණියේ සිටිය යුතු සබරගමුවේ ළමුන් 15ක් 20ක් තවම ගෙදර සබරගමු පළාතේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙන ගතයුතු ළමයින් 1000 කොහොම වෙතත් පහළොවක් විස්සක් පමණවත් තවම පාසලක් අහිමිව සිටින බව පිළිගැනීමට සිදුව ඇතැයි සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු මුණිප්රිය මහතා පවසයි. 05 April 2017
කන්ටේනරයක් පෙරළී කැළණියේදී නුවර පාර අවහිර වෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ - තොරණ හන්දිය - වෙදමුල්ල සංඥා පුවරුව අසල දී කන්ටේනර් රථයක් පෙරළී ඇති බව පොලිසිය පවසයි. 05 April 2017
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන පළමු වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. 04 April 2017
රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය එළිදකී ප්‍රවීන ආර්ථික විශ්ලේෂක දිනේෂ් වීරක්කොඩි මහතා සම්පාදන කළ ‘රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය‘ ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රන ශාලාවේදී පැවැත්විණි. 04 April 2017
පළාත් පාලන ආයතන පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ පළාත් පාලන ආයතනයන් සතු සභිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 April 2017
ගැටඹේ සිට තැන්නෙකුඹුර දක්වා උමං මාර්ගයකට කැබිනට් අනුමැතිය දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය කිසිම හේතුවක් නිසා විවෘත නොකරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම මාර්ගය විවෘත නොකිරීමෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා බෝගම්බර සිට ගැටඹේ දක්වාත්, තැන්නකුඹුර දක්වාත් උමං මාර්ගයක් ඉදි කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබුණු බව ද කිරිඇල්ල මහතා කීවේය. 04 April 2017
ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා වෙනසකට තීරණයක් නෑ ජනමත විචාරණයකට තුඩු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් නොකිරීමට සිය පක්ෂය කිසිදු ආකාරයේ තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තමන්ට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. 04 April 2017
‘පර්පචුවල් ට්‍රෙෂරීස් නීතිය උල්ලංඝනය කරලා‘ මහ බැංකුවෙන් එක්දින වෙළෙඳ ණය පහසුකම යටතේ ලබාගත් මුදල් එම දිනයේම නොගෙවීම නිසා පර්පචුවල් ටේරෂරීස් සමාගම නීතීය උල්ලංඝණය කර තියෙනවා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා පැවසීය. 04 April 2017
2012 බන්ධනාගාර ගැටුම ගැන පරීක්ෂණයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක් 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසියේ අධ්යක්ෂවරයාට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) පෙත්සමක් ගොනු කෙරිණි. 04 April 2017
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය විරෝධතාවට කඳුලු ගෑස් විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල සිදුවන කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය 04 April 2017
අගමැති ජර්මන් කතානායක හමුවෙයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණ අග්‍රමාත්‍ය කාර්යාලයේ දි අද (04) පැවැත්විණි. 04 April 2017
සිසුවාට පහර දුන් පොලිසියේ දෙන්නාට ඇප රියදුරු බලපත් නැතිව යතුරු පැදියක් ධාවනය කළ බව කියන පාසල් සිසුවකුට දොඩම්ගොඩදී පහර දුන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත කළුතර මහේස්ත්‍රත් අධිකරණය විසින් මුදා හරිනු ලැබිණ. 04 April 2017
විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින්ට ජනපති සම්මාන රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින් වෙනුවෙන් සම්මාන ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 04 April 2017
උමා ඔය ජල යෝජනා ක්‍රම දෙකම මැයි මාසයේ අවසන් උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද ජල යෝජනා ක්‍රම දෙකෙන් එකක වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර සෙසු ජල යෝජනා ක්රමයේ වැඩ කටයුතු මැයි මස අගදී අවසන් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (4) දැනුම් දුන්නේය. 04 April 2017
විමල්ගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම 7 දා රජයේ වාහන 40ක් අවභාවිතා කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්රතිශෝධන පෙත්සම ලබන 07 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 April 2017
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ණය ගෙවීම පැහැර හැරලා බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය. 04 April 2017
සිරියාවේ රසායනික ප්‍රහාරයකින් 58 ක් මරුට සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. 04 April 2017
කිලිනොච්චිය කයිට්ස් ඒ.එස්.පීලා ගැන විමර්ශනයක් කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී සහ යාපනය කයිට්ස් සහකාර පොලිස් අධිකාරීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පෙන්වා දුන් කරුණු අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 04 April 2017
නරක් වූ කරවල කිලෝ 2000ක් අල්ලයි සිංහල අවුරුදු සමයේ දී ජනතාවට බෙදාහැරීම සඳහා නරක් වූ කරවල කිලෝ 2000ක් ගබඩාකර තිබූ කොළඹ වෙරළබඩ පාරේ පෞද්ගලික සමාගමකට රුපියල් 12,500ක දඩ නියම කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 04 April 2017
කටුනායක ධාවන පථය බ්‍රහස්පතින්දා යළි විවෘත වෙයි වසර 1986 දී අතුරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැරණි ධාවන පථය ප්‍රතිසංවර්ධනය කර ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (6) පස්වරු 12.30 ට විවෘත කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. 04 April 2017
දවුල්දෙන ඤාණිස්සර මහානායක ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව අපවත් වී වදාළ ශ්‍රි ලංකා අමුරපුර මහා නිකායේ මහානායක දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ දේහයට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (4) අවසන් ගෞරව දැක්වීය. දේහය නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානය තැන්පත් කර ඇත. 04 April 2017
හිටපු කොටි සාමාජිකයාගේ පාපොච්ඡාරණය අධිකරණයෙන් පිළිගනී පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුවේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් බවට කොටි සංවිධානයේ මිසයිල බලගණයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබාදී ඇති පාපොච්චාරණ නීත්‍යානුකුල බව අධිකරණය පිළිගන්නා බව අනුරාධපුර විශේෂ මහාධිකරණ හිටපු විනිසුරු මහේෂ් වීරමන් මහතා අද(04) ප්‍රකාශ කළේය. 04 April 2017
පොහොර වංචාවට වසර 20 ක සිර දඬුවම වසර 5 කින් ගෙවෙන්න නියම කරයි රජයට අයත් සීමාසහිත ජනතා පොහොර ව්‍යවසාය සමාගමේ අනුරාධපුර ප්‍රාදේශීය ගබඩාවේ ගබඩා කර තිබු පොහොර වංචා කර රජයට රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කිරිම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණ හමුවේ අධිචෝදනා ලබා සිටි එම පොහොර සමාගමේ අනුරාධපුර ගබඩාවේ පාලකවරයා සහ සහකාර පාලකරවයා එම අධි චෝදනාවන්ට වරදකරුවන් බවට කෑගල්ල පළාත් බද මහාධිකරණ විනිසුරු සහ උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා තීරණය කළේය. 04 April 2017
වැඩිහිටි මවුපියෝ විවාහ වෙති වයස අවුරුදු 75 ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10 ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල් නැව නැගම්පහ අලිවංගුව ගමේදී දැකගත හැකිවිණි. 04 April 2017
පේරාදෙණි සරසවි සිසුහු නේවාසිකාගාර හැරයති පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය සරසවියේ සිසුහු අද (4) සිය නේවාසිකාගාරවලින් ඉවත්ව නිවෙස් කරා ගියහ. 04 April 2017
ඒ.එස්.පී.ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ අයිපී මාරු කේරළ ගංජා ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගත් වෑන් රියක් මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියෙකු කළ අනිසි බලපෑමක් ක්‍රියාත්මක නොකළ කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකු කන්කසන්තුරේ කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 04 April 2017
මව ශ්‍රී ලංකාවට පිටුවහල් කර දරුවා ඕස්ට්‍රේලියාවේ රඳවාගනී තම පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ සිටිද්දී ශ්‍රී ලංකාවේ මවක ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇතැයි කෙයන්ස් පෝස්ට් වාර්තා කරයි. 04 April 2017
තවත් අවුරුද්දකින් මහින්දට අඬන්න තමයි වෙන්නේ - අගමැති රනිල් 2018 වෙසක් මාසය වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හැඬීමට සිදුවෙනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 04 April 2017
අරණායක අධි අවදානම් ස්ථාන 515ක් : මධ්‍ය අවදානම් ස්ථාන 1031ක් ජාතක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළ පර්යේෂණ වල දී නායයෑමේ අධි අවධානමක් ඇති ස්ථාන 515ක් හඳුනාගෙන තිබේ. 03 April 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026